free web stats

ඇතැම් මාධ්‍ය නාලිකා අවම සදාචාරයවත් ආරක්ෂා කරලා නැහැ

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් ලිංගික අපරාධයකට මුහුණ දුන් සිදුවීම වාර්තා කිරීමේදී ඇතැම් මාධ්‍ය නාලිකා අවම සදාචාරයවත් ආරක්ෂා කර ගැනීමට අපොහොසත් වී ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසනවා.

ලිංගික අපරාධයකට මුහුණ දුන් වින්දිතයගේ කට උත්තරය තවත් කාන්තාවක් විසින් හඬ කවා නැවත නැවතත් ප්‍රචාරය කිරීම තුළින් වින්දිතයා අගතියට පත්වන බවත් එමඟින් එම වින්දිත කාන්තාවගේ ධෛර්ය හා විශ්වාසය බිඳ වැටීම සිදුවන බවත් ඊයේ (14) පාර්ලිමේන්තුවේදී ඇය කියා සිටියා.

සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය වැඩිදුරටත් අවධාරණය කළේ, පාර්ලිමේන්තුවේ සිටින සෑම අයෙක්ම හිංසනයට ප්‍රචණ්ඩත්වයට මෙන්ම අපරාධ වාර්තාකරණයේ “කැත කමට” විරුද්ධ වන බවයි.

අනන්‍යතාවය හෙළි නොකිරීමට වග බලාගන්නා ලෙස මාධ්‍යය වෙත මඟ පෙන්වා ඇති අවස්ථාවක පවා පොලීසියට සහ අධිකරණයට ලබා දුන් සාක්ෂි මෙලෙස මුදා හැරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවද ඇය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *