පුටින් ඇමෙරිකානු සටන් විරාම ගිවිසුමට එකඟවේ
යුක්රේනය එකඟ වී ඇති එරට පවතින යුද්ධය අවසන් කිරීම සඳහා ඇමෙරිකාව විසින් ඉදිරිපත් කර තිබෙන දින 30ක සටන් විරාම ගිවිසුම න්‍යායාත්මකව පිළිගන්නා බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා තිබේ.
දැනට යුක්රේන හා රුසියානු හමුදාවන් අතර පවතින සටන් නතර කිරීම සඳහා ඇමෙරිකාව ඉදිරිපත් කර තිබෙන සටන් විරාමය පිළිගත්ත ද එම සටන් විරාමය කල් පවතින සාමයක් ඇති කිරීම ඉලක්ක කරගත යුතු බවත් එය යුක්රේන යුද්ධය ඇති වීමට මුල්වූ හේතුන් පිළිබඳව ද විමසා බැලිය යුතු බව රුසියානු ජනාධිපති පුටින් පවසා තිබෙනවා.
රුසියාවේ මොස්කව් අගනුවර පැවැත්වූ ප්රවෘත්ති සාකච්ඡාවක් අමතමින් මේ බව සඳහන් කර ඇති රුසියානු ජනාධිපති පුටින් යුක්රේන යුද්ධය ඇරඹීමට මුල්වූ හේතූන් සොයා බලන ලෙස පැවසීම හරහා වත්මන් යුක්රේන රජය ද එරට යුද්ධයට මුල්වූ හේතුවක්ය යන මතය නැවත ප්‍රකාශ කිරීමක් බව විචාරකයෝ පවසයි.
මේ අතර ඇමෙරිකාව විසින් යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා ඉදිරිපත් කර ඇති සටන් විරාම ගිවිසුම විශිෂ්ට හා නිවැරදි ගිවිසුමක් ලෙස හඳුන්වා දී ඇති ජනාධිපති පුටින් එහි අන්තර් ගත බොහෝ කරුණු තවදුරටත් සාකච්ඡාවට ලක් කළ යුතු බවත් ඇතැම්විට තමා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට මේ සම්බන්ධයෙන් කථා කිරීමට ඉඩ ඇති බව පවසා තිබෙනවා.
මෙහිදී ඇමෙරිකාව ඉදිරිපත් කර ඇති සටන් විරාම ගිවිසුම සඳහා දැඩි කොන්දේසි ඉදිරිපත් කර ඇති රුසියානු ජනාධිපතිවයා යුක්රේනය සිය හමුදාවන්ට පුහුණුව ලබාදීම නතර කළ යුතු බවත් සටන් විරාමය ක්‍රියාත්මක වන කාලයේදී ලොව සෙසු රටවල් යුක්රේනයට ආයුධ සැපයීම නතර කළ යුතු බව අවධාරණය කර තිබේ.
මේ අතර රුසියානු ජනාධිපතිවරයා විසින් ඇමෙරිකානු සටන් විරාම ගිවිසුම සම්බන්ධයෙන් දක්වා ඇති ප්‍රතිචාරය වැඩි කර පෙන්වීමක් බවත්, රුසියාවට එරෙහිව ඇමෙරිකාව තවත් සම්බාධක පැනවිය යුතු බව සඳහන් කර තිබේ.
මේ අතර ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් රුසියාවේ ඉන්ධන,ගෑස් හා බැංකු කටයුතු සම්බන්ධයෙන් පනවා ඇති සම්බාධක දැඩි කර ඇති බව ඇතැම් විදෙස් මාධ්‍ය විසින් ඊයේ වාර්තා කර තිබිණි.