උතුරු මැසිඩෝනියාවේ සමාජ ශාලාවක ගින්නක්
උතුරු මැසිඩෝනියාවේ රාත්‍රී සමාජ ශාලාවක ඊයේ ඇතිවූ ගින්නෙන් සිදුවූ මරණ ගණන 59 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ගින්න හටගත් අවස්ථාවේදී එහි සංගීත ප්‍රසංගයක් පැවැති අතර ඊට එක්ව සිට තිබුණේ එරට ප්‍රකට ගායක කණ්ඩායමක්.
ගොඩනැගිල්ල තුළ ගිනිකෙළි දැල්වීම ගින්නට හේතුවූ බවට හඳුනාගෙන ඇති අතර, ඊට අදාළව පුද්ගලයින් දස දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.