free web stats

නිදි යහනෙම මියගිය අඹු සැමි යුවළ

බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරේසියා වතුයායේ නිවසක් තුළ දින කිහිපයකට ප්‍රථම මියගොස් සිටි අඹුසැමි යුවළකගේ සිරුරු බගවන්තලාව පොලිසියේ නිලධාරීන් සොයා ගෙන තිබෙනවා.

මෙසේ සොයාගනු ලැබුවේ සින්නයියා විජේකුමාර් (39) සහ පෙරුමාල් ගෞරි (37) යන අයගේ සිරුරුයි.

ඉකුත් දිනක සිට තම සොහොයුරා සහ ඔහුගේ බිරිඳ දැකීමට නොසිටි බවත්, ඒ අනුව නිවස විවෘත කර බැලීමේදී නිවස තුළින් දුගන්ධයක් හැමීම නිසා ඒ සම්බන්ධයෙන් විපරම් කිරීමේදී අඹුසැමි යුවළ නිදා සිටි ඇඳ මත මියගොස් සිටි බව මියගිය සින්නයියා විජේකුමාර්ගේ සොහොයුරා බගවන්තලාව පොලිසියට ප්‍රකාශයක් ලබාදී තිබේ.

මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බගවන්තලාව පොලිසියේ නිලධාරීන් සහ හැටන් පොලිස් කොට්ඨාසයේ ස්ථාන පරීක්ෂක නිලධාරීන් නිවස තුළදී වස බෝතල් තුනක් සොයාගෙන ඇති අතර මෙම වස පානය කර සිය දිවි හානි කර ගැනීමක් බවට සැක කරයි.

මියගිය කාන්තාව මෙයට ප්‍රථම විවාහ වී ඇති කාන්තාවක් බවත්, මරණකාරිණියට 14 හැවිරිදි දියණියක් සිටින අතර, ඇය මියගිය කාන්තාවගේ සොහොයුරිය භාරයේ සිටින බව පොලිසිය කියා සිටියා.

වස පානය කර මියයෑමට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර, මියගිය අඹුසැමි යුවළගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබෙනවා.

මරණය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *