free web stats

අභ්‍යවකාශයේ සිරවී මාස 09කට පසු යළි පෘථිවියට

දින 8 ක මෙහෙයුමක් සඳහා පෘථිවි කක්ෂයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළට ගොස්, ආපසු පෘථිවියට පැමිණීමට නොහැකිව, මාස 9 ක් අභ්‍යවකාශ නැවතුම්පොළේ රැඳී සිටීමට සිදුවුණු නාසා ගගනගාමීන් දෙදෙනා සුනීතා විලියම්ස් සහ බුච් විල්මෝර් යළි පෘථිවියට පැමිණ තිබෙනවා.

ඒ, පැය 17ක පමණ අභ්‍යවකාශ ගමනකින් පසුවයි.

ඔවුන් රැගත් SpaceX සමාගමේ ‘ඩ්‍රැගන්’ කැප්සියුලය අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තය ආසන්න මුහුදට සාර්ථකව ගොඩබැස්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කැප්සියුලය ඇමෙරිකාවේ වේලාවෙන් සවස 5.57 ට පැරෂූට් ආධාරයෙන් ෆ්ලොරීඩාවට ඔබ්බෙන් මුහුදට පතිත කෙරුණා.

ඒ, විලියම් සහ විල්මෝර්ගේ අවසන් ගගන මෙහෙයුම දින 268 කට පසු අවසන් කරමිණි.

විලියම් සහ විල්මෝර් ආපසු පැමිණියේ එම කැස්පියුලයෙන් අභ්‍යවකාශ නැවැතුම්පොළට ගිය ඇමෙරිකන් සහ රුසියන් ගගනගාමීන් දෙදෙනකු ද සමඟය. ‘ඩ්‍රැගන්’ කැප්සියුලයේ ඉඩ පහසුකම් ඇත්තේ ගගනගාමීන් සිවු දෙනකුට පමණි.

පලපුරුදු නාසා ගගනගාමීන් වුවත්, 59 හැවිරිදි සුනීතා විලියම්ස් සහ 62 හැවිරිදි බුච් විල්මෝර්, ආපසු ආ සැණින් වෛද්‍ය ආධාරකරුවන්ගේ අවධානයට ලක්වූවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *