free web stats

ට්‍රම්ප්ගේ නායකත්වය යටතේ යුක්රේනයට සාමය උදාකරගත හැක

යුක්රේනයේ යුද්ධය නතර කිරීම සඳහා ඉදිරිපත් කර ඇති දින 30ක සටන් විරාමය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමග දුරකථනය ඔස්සේ අදහස් හුවමාරු කරගැනීමෙන් පසු යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි සමග ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පවත්වා ඇති දුරකථන සංවාදයේදී රුසියාව එකඟ වූ බලශක්ති මධ්‍යස්ථානවලට පහරදීම් නතර කිරීමට යුක්රේන ජනාධිපතිවරයා එකඟ වී තිබේ.

ඉතාමත් ඉක්මනින් යුක්රේනයේ බිඳ වැටී තිබෙන දුම්රිය හා වරාය සේවාවන් යථා තත්ත්වයට පත් කළ යුතු බවද මෙහිදී යුක්රේන ජනාධිපතිවරයා ඇමෙරිකානු ජනාධිපතිවරයාට පවසා තිබේ.

මේ අතර යුක්රේන ජනාධිපතිවරයා සමග ඉතාමත් හොඳ දුරකථන සංවාදයක් පැවැත්වූ බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (20දා) පවසා තිබේ.

එම දුරකථන සංවාදයෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වා ඇති යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ජනාධිපති ට්‍රම්ප්ගේ නායකත්වය යටතේ මෙම වසරේදී යුක්රේනයට කල් පවතින සාමයක් උදාකරගත හැකි වනු ඇතැයි විශ්වාසය පළ කර තිබේ.

ඇමෙරිකානු ජනාධිපතිවරයා සමග පැවති දුරකථන සංවාදයේදී රුසියාව විසින් අල්ලා ගෙන තිබෙන යුක්රේනයේ ‘සපොරිස්සියා’ කලාපයේ පවතින න්‍යෂ්ටික විදුලි බලාගාරවල හිමිකාරීත්වය ඇමෙරිකාවට පැවරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා වී ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *