පෙම්වතාගේ නිවසේදී පෙම්වතියගේ අඟට වැටුනු තාප්පේ
පෙම්වතාගේ නිවසට ගොස් සිටිය දී නිවසේ තාප්පයක් ශරීරය මතට පතිත වී පෙම්වතිය මියගොස් ඇති පුවතක් කළුතර උතුර පොලිසියෙන් වාර්තා වෙනවා.
අනතුරෙන් මියගොස් ඇත්තේ වාද්දුව මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි ප්‍රසාදිනී ප්‍රියංගිකා නමැති 23 හැවිරිදි තරුණියකි.
මියගොස් ඇති තරුණියගේ පෙම්වතා ආරක්ෂක හමුදාවක සේවය කරන අතර, ඔහු නිවාඩුවට පැමිණ සිටියදී ඔහුගේ අත්තම්මා බැලීමට අවශ්‍ය බවට දුරකථන ඇමතුමක් ලබා දීමෙන් පසු ඇය නිවසට ගොස් තිබේ.
එහිදී තරුණයා නිවස සිටුපස එළුවන්ට කෑම දැමීමට ගොස් සිටියදී තරුණිය ද නිවස පිටුපස තාප්පය අසල සිටිය දී එය ශරීරය මතට කඩා වැටී ඇති බවට හෙළිව ඇති බව පොලිසිය සඳහන් කරනවා.
කළුතර උතුර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පැවැත්වෙයි.