කථිකාචාර්ය වරයාගේ නිවුන් දරු තිදෙනා මෙලොව තනිකරම්න් බ්රිදත් ජීවිතක්ෂයට
කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා ඒකකයේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එන්.ඩී.ජී. ගුනේන්ද්‍ර ගයන්ත මහතා හා පවුලේ අය පසුගියදා හදිසි අනතුරකට ලක් වූ පුවත සමගම අද දිනයේදී තවත් එම අනතුරෙන්ම කනගාටු දායක පුවතක් වාර්තා වෙනවා.
ඒ කථිකාචාර්ය වරයාගේ බිරිද වන සතිෂා නිලන්ති මහත්ම්ය ජීව්තක්ෂයට පත්වීමයි.
පසුගිය දා ආචාර්ය වරයා සිය කුඩා දරුවන් තිදෙනා සහ බිරිදගේ පවුලේ උදව්ය සමග යාපනය, නාගදීපයේ සංචාරයක ගොස් නැවත එමින් සිටිය දී අවාසනාවන්ත ලෙස රිය අනතුරකට ලක්ව තිබුණා ඒ මධ්‍යම අධිවේගී මාර්ගයේ දීයි.
මධ්‍යම අධිවේගී මාර්ගයේ දී ඔවුන් ගමන්ගත් වෑන් රථය ලොරි රථයක පිටුපස ගැටී සිදුවූ අනතුරකින් ආචාර්ය ගයන්ත මහතා ඒ මොහොතේම ජීවිතක්ෂයට පත්ව වූවා.
පසුව අනතුරින් තුවාල ලැබූ දරුවන් තිදෙනා, බිරිඳ සහ බිරිදගේ බාල සහෝදරයා හා බිරිදගේ මව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට් අතර බිරිදගේ මව හා දරුවන් තිදෙනා සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබුණා.
එම අනතුරෙන් බරපතළ තුවාල ලබා දැඩ්සත්කාර ඒකකයේ දැඩ් අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිට් බිරිඳ හා බ්රිදගේ සහෝදරයා අතරින් පසුගියදා බ්රිදගේ සහෝදරය වන රව්දු තීක්ශණ ජීවිතක්ෂයට පත්වූවා.
පෙරේදා ( 24 ) දින ඔහුගේ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී සිදු කෙරෙනු ලැබුවා.
1990 උපත ලැබූ රව්දු තීක්ශණ කොළඹ ආනන්ද ව්ද්‍යාලයේ ආදිශිෂ්‍යයෙකි.මිය යන ව්ට ඔහුගේ වයස අවුරුදු 35කි.
නමුත් අද දින එම අනතුරෙන් බරපතළ තුවාල ලබා දැඩ්සත්කාර ඒකකයේ දැඩ් අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිට් කථිකාචාර්ය ආචාර්ය එන්.ඩී.ජී. ගුනේන්ද්‍ර ගයන්ත මහතාගේ බ්රිද සතිෂා නිලන්ති මහත්ම්ය තම නිවුන් වයස අවුරුදු 02ක දරුවන් තිදෙනා මෙලොව තනිකර දමම්න් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ම්ය යන ව්ට ඇයගේ වයස අවුරුදු 42ක් වේ. මේ වනව්ට මෙම රිය අනතුරෙන් තිදෙනෙකු ජීව්තක්ෂයට පත්ව තිබෙනවා.
සතිෂා නිලන්ති මහත්ම්ය කොළබ ගෝතම් බාලිකා ව්ද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන අතර 1983 වර්ෂයේ උපත ලබා ඇත.


