free web stats

සබ්මැරීනයක් අනතුරට ලක්වෙයි

ඊජිප්තු රතු මුහුදේ සබ්මැරීනයක් අනතුරට ලක්වීමෙන් සංචාරකයින් 6 දෙනෙකු මියගොස් ඇති බව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

කෙසේ නමුත් අනතුරෙන් 39 දෙනෙකුම බේරාගැනීමට ගලවාගැනීමේ මෙහෙයුම්හි නිරතව සිටි නිලධාරින්ට හැකි වූ බව ඊජිප්තුව තහවුරු කර ඇත.

ඊජිප්තුවේ හුර්ගාඩා වෙරළට කිලෝමීටරයක් ​​පමණ දුරින් වූ මුහුදේ දී මෙම අනතුර සිදුව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේදී එම සබ්මැරීනයේ රුසියානු, නෝර්වේ, ස්වීඩන් සහ ඉන්දියාවෙන් පැමිණි සංචාරකයින් රැසක් සිට ඇත.

කෙසේ නමුත් මියගිය 6 දෙනාම රුසියානුවන් බවට මේ වනවිට හදුනාගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *