සුනඛයන් සපා කෑමෙන් මව අවසන් ගමන් යද්දී දියණිය අත්අඩංගුවට
නිවසෙහි ඇති දැඩි කළ නිසි සැළකීමක් නොලත් සුනඛයන් 50 දෙනකුට අධික සංඛ්‍යාවෙන් කිහිප දෙනකු විසින් සපා කෑම නිසා මියගිය ඇමෙරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝ ප්‍රාන්තයේ පදිංචිව සිටි 76 හැවිරිදි වියෙහි පසුවූ කාන්තාවකගේ මරණය සම්බන්ධයෙන් ඇයගේ දියණිය අත්අඩංගුවට ගෙන සිරගත කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.
මියගොස් ඇති කාන්තාවගේ දියණිය වන 47 හැවිරිදි ජෙසිකා හොෆ් ව කොලරාඩෝ ප්‍රාන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇය විසින් සිය මව සුනඛයන් සමග තනිව දමා යෑමෙන් සිදු කර ඇති සාපරාධී නොසැලකිල්ල හා සතුන් කෙරෙහි දක්වා ඇති කෲර බව යන චෝදනා යටතේ බව විදෙස් මාධ්‍ය පවසනවා.
සැකකාරියගේ මියගිය මව ලාවොන් හොෆ් යනුවෙන් හඳුනාගෙන ඇති අතර ඇය දවසේ පැය 24 පුරාම අවධානය අවශ්‍ය වූ ඩිමෙන්ෂියා රෝග තත්ත්වයෙන් පෙළුණු අයකු බවත් එසේ තිබියදී ඇයව තමා විසින් ඇති දැඩි කළ සුනඛයන් 50කට අධික සංඛ්‍යාවක් සමග තනිවම දමා යෑමෙන් චූදිත කාන්තාව වරදක් කර ඇති බවත් පොලිසිය පවසා තිබේ.
මියගොස් ඇති කාන්තාවගේ මරණය සිදු කළ සුනඛයන්ගේ හිමිකරුවා චූදිත ජෙසිකා හොෆ් බව අනාවරණය වී ඇති අතර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණය විසින් ඉකුත් සඳුදා ඇයව සිරගත කර තිබේ.
සුනඛයන් කිහිපදෙනකු විසින් සපා කෑම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවන කාන්තාවක් සම්බන්ධයෙන් කොලරාඩෝ පොලිසිය වෙත ලැබුණු තොරතුරක් මත අදාළ කාන්තාවගේ නිවසට ගිය පොලිස් නිලධාරීන්ට නිවසේ නිදැල්ලේ එහා මෙහා දිව යමින් සිටි සුනඛයන් හා කුරුල්ලන් පිරිසක් දක්නට ලැබී ඇති අතර ඔවුන්ටද නිසි සැලකීමක් සිදු කර නොමැති බව නිරීක්ෂණය වී තිබේ.