සිරිපා වන්දනාකරුවන්ට කොටගල කහට තේ දන්සැලක්
හොඳම තේ රසය සොයන ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ගේ නිසැක තේරීම කොටගල කහට සන්නාමය විසින් වාර්ෂිකව ශ්‍රීපාද වන්දනා සමයේදී බැතිමතුන් වෙනුවෙන් පවත්වනු ලබන “කොටගල කහට තේ දන්සැල” මෙවරත් සංවිධානය කොට තිබෙනවා.
කොටගල කහට තේ දන්සැලෙන් රසවත් හකුරු කැබැල්ලක් සමග පිරිනැමූ උණුසුම් කොටගල කහට තේ කෝප්පය ශ්‍රීපාදස්ථානය වන්දනා කළ දහස් ගණනක් වූ දෙස් විදෙස් බැතිමතුන්ගේ වෙහෙස නිවා සනහාලන්නට හේතු විය.
කොටගල කහට කාර්ය මණ්ඩලය විසින් ඉපැරණි දේශීය සිරිතට “සිරිපා කරුණා කවි” ගායනා කරමින් හැටන් පාරේ ජපන් ශ්‍රී ලංකා සාම චෛත්‍ය අසල පවත්වනු ලබන මෙම තේ දන්සැල වෙත පැමිණෙන ලෙස සියළු සිරිපා වන්දනාකරුවන් වෙත කොටගල කහට කාර්යමණ්ඩලය බැතිසිතින් ඇරයුම් කොට සිටියි.
සිරිපා කරුණාව සමග බැඳුනු ප්‍රෞඩ සංස්කෘතික වටිනාකමත් තේ කෝප්පයක් සමග බැඳුනු ශ්‍රී ලාංකීය හෘද්‍යාංගම වූ ආගන්තුක සත්කාර සංස්කෘතියත් මතු පරපුරට නිර්මාණශීලී ලෙස දායාද කරමින් ශ්‍රීපාදස්ථානය කේන්ද්‍ර කරගනිමින් වාර්ෂිකව පවත්වනු ලබන “කොටගල කහට තේ දන්සැල”, එම සන්නාමය සතු සමාජ වගකීම මැනැවින් වටහාගෙන සිදුකරනු ලබන සමාජ සත්කාරයකි.