free web stats

ඊශ්‍රායල් ප්‍රහාරයකින් 23ක් ජීවිතක්ෂයට

ඊශ්‍රායලය විසින් උතුරු ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය පුද්ගලයින් අතර ළමුන් අට දෙනෙකු සහ කාන්තාවන් අට දෙනෙකු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

උතුරු ගාසා තීරයේ සිව් මහල් ගොඩනැගිල්ලක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

ප්‍රහාරයෙන් සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් මුදාගැනීමේ මෙහෙයුම් ද මේ වන විට ආරම්භ කර ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *