free web stats

තරුණියකගේ ජීව්තය බේරා ගත් පොලිස් නිලධාරියා

කටුගස්තොට පාලමෙන් තරුණියක් මහවැලි ගඟට වැටී ඇති අතර එම ස්ථානයට ආසන්නයේ රථවාහන රාජකාරි යෙදී සිටි පොලිස් කොස්තාපල් හේරත් (103984) නම් නිලධාරියා එම පාලම මතින් මහවැලි ගඟට පැන එම තරුණිය බේරාගෙන තිබෙනවා.

ඒ අදාළ තරුණිය මහවැලි ගඟට වැටී ඇති බවට ප්‍රදේශවාසීන් විසින් අදාළ නිලධාරියාට සිදුකළ දැනුම්දීමෙන් අනතුරුවයි.

මෙලෙස දිවි බේරාගත් තරුණිය වයස අවුරුදු 21ක් වන කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකාරියකි.

එම තරුණිය මේ වනවිට වැඩිදුර ප්‍රතිකාර සඳහා කටුගස්තොට රෝහලට ඇතුළත් කර තිබේ.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ මෙම සිදුවීම ඊයේ (10) දහවල් කාලයේදී සිදුවී තිබූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *