මියන්මාරයට නැවතත් භූ කම්පනයක්
මියන්මාරයට නැවතත් භූකම්පන තත්ත්වයක් ඇතිව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ රික්ටර් මාපකයේ 5.6ක භූ කම්පනයක් ඇතිවූ බව යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය පැවසූ බවයි.
භූ කම්පාව කිලෝමීටර් 35ක් ගැඹුරින් සිදුවූ බවද එම මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.
කෙසේ නමුත් මේ දක්වා භූ කම්පනයෙන් ජීවිත හෝ දේපොළ හානියක් වාර්තා වී නොමැති බවත් එම මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.