free web stats

මලාලා යූසුෆ් පාකිස්තාන රජයෙන් කළ ඉල්ලීම

ඇෆ්ගනිස්තාන සරණාගතයන් රටින් පිටුවහල් කිරීම වහාම නවත්වන ලෙස නොබෙල් සාම ත්‍යාගලාභී සමාජ ක්‍රියාකාරිනියක වන මලාලා යූසුෆ් පාකිස්තාන රජයෙන් ඉල්ලා ඇතැයි එරට නේෂන් පුවත් සේවය වාර්තා කළා.

විශේෂයෙන් කාන්තාවන් සහ දැරියන් පාකිස්තානයෙන් පිටුවහල් කිරීම සම්බන්ධව ඇය දැඩි කනස්සල්ලට පත්වී සිටින බව ද පාකිස්තාන නේෂන් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළා.

මලාලා යූසුෆ්ගේ මූලිකත්වයෙන් පිහිටුවන ලද මලාලා පදනම මඟින් නිකුත් කළ නිවේදනයකින් ඇය පාකිස්තාන රජයට ප්‍රකාශ කර ඇත්තේ වසර ගණනාවක් පුරා පාකිස්තානයේ පදිංචිව සිටින ඇෆ්ගනිස්තාන සරණාගතයන් බලහත්කාරයෙන් ඉවත් කිරීම වහාම අත්හිටුවීමට පියවර ගන්නා ලෙසයි.

තලේබාන් පාලනය යටතේ ඇෆ්ගනිස්තාන කාන්තාවන් සහ දැරියන් මුහුණ දෙන දැඩි තහංචි සහ හිංසනයන් සැලකිල්ලට ගෙන ඔවුන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා එම පියවර ගන්නා ලෙසත් මලාලා යූසුෆ් පාකිස්තාන රජයට දැනුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

බලහත්කාරයෙන් රටින් පිටුවහල් කිරීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බවත් ඇය වැඩිදුරටත් සඳහන් කර ඇතැයි වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *