free web stats

අවුරුදු දා පියාගේ වාහනයට යටවී දරුවකු මරණයට

පියාගේ වාහනයට යටවී අවුරුදු 1 1/2ක දරුවකු මරණයට පත්වූ පුවතක් බළන්ගොඩ මූලික රෝහලේ ඉකුත් 15 දා පැවති මරණ පරීක්‍ෂණයකදී හෙළිදරව් විය.

මෙසේ මරණයට පත්වූ ජී. රුචින් කනිෂ්ක නිත්සර නමැති දරුවාගේ මරණ පරීක්‍ෂණයේදී සාක්‍ෂි දුන් මෙම දරුවාගේ මව වූ ආර්. ඩබ්ලිව්. සුරංගනී විජේසිංහ නමැති අය මෙසේ පැවසුවාය.

“සිංහල අවුරුදු උදාවට තිබුණේ පැයකට ආසන්න කාලයක්. දරුවන් සිවුදෙනා නිවසේ සිංදු කියමින් නටමින් හිටියා. සැමියා නිවසට අවශ්‍ය බඩු කීපයක් ගෙන ඒමට ගමේ කඩේට ගියා. මං කුස්සියේ සිට දරුවන්ට කෑම කන්න කතා කළා. කුඩා දරුවා නොමැති නිසා දෙවැනි පුතා කිව්වා මල්ලී එක්ක එන්න කියා. වාහනය පිටුපසට ගැනීමේදී පොඩි දරුවා යටවී තිබූ බව දැන ගත්තේ එවිටයි. වහාම රෝහලට ගෙන ගියත් ජීවිතය බේරා ගන්න බැරිවුණා.

බළන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් ඩී. එම්. චන්ද්‍රසේකර මහතාගේ නියෝග මත පරීක්‍ෂණ සිදු කෙරුණි. පශ්චාත් මරණ පරීක්‍ෂණය අධිකරණ වෛද්‍ය නිලධාරී චානක රණසිංහ මහතා විසින් සිදු කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *