free web stats

පෝස්ටර් ගැලවීමේන් මගඩි ගැසූ පොලිසියේ දෙදෙනා මාට්ටූ

පසුගිය ජනාධිපතිවරණයේ දී නීති විරෝධී පෝස්ටර් බැනර් ඉවත් කිරීම සඳහා යොදවා ගත් කම්කරුවන් වෙනුවෙන් වෙන් කළ මුදල් අයථා ලෙස පරිහරණය කළ බව කියන බණ්ඩාරවෙල පොලිස් බල ප්‍රදේශයේ ස්ථානාධිපතිවරයකු සහ උප පොලිස් පරීක්‍ෂකවරියක් බණ්ඩාරවෙල විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පොලිස් ස්ථානාධිපතිවරයා සහ උප පොලිස් පරීක්‍ෂකවරිය කම්කරුවන් දෙදෙනකුගේ නම් යොදා රුපියල් එක් ලක්‍ෂ දහනවදාහක මුදලක් මෙසේ වංචා කර ඇති බව බණ්ඩාරවෙල පොලිසිය පවසනවා.

මෙම සැකකරුවන් දෙදෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර එහිදී රුපියල් ලක්‍ෂයක මුදල් ඇප මත මුදාහැර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *