free web stats

ලොව වයස්ගතම ගගනගාමියා උපන්දිනයට පොලොවට බසී

ඩොන් පෙටිට් නැවත පෘථිවියට පැමිණ තිබේ. හෙතෙම ලොව වයස්ගතම ගගනගාමියා ලෙස සැළකෙන ඇමරිකානුවෙකි .

ඩොන් පෙටිට් නැවත පෘථිවියට පැමිණෙන්නේ ඔහුගේ 70 වන උපන්දිනය දා වීම විශේෂත්වයකි .

පෙටිට් සහ ඔහුගේ රුසියානු කාර්ය මණ්ඩල සගයන් වන ඇලෙක්සි ඔව්චිනින් සහ අයිවන් වැග්නර් රැගත් සෝයුස් එම්එස් -26 අභ්‍යවකාශ කැප්සියුලය ඉරිදා ( එනම් අද -20 දා ) දේශීය වේලාවෙන් 06:20 ට (GMT 01:20) කසකස්තානයට පැරෂුට් ආධාරයෙන් ගොඩබෑ බව වාර්තාවේ .

ඔවුන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) දින 220 ක් ගත කළ අතර පෘථිවිය වටා 3,520 වතාවක් කක්ෂගත වූ බව එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය නාසා ආයතන ආරංචි මාර්ග සඳහන් කරතැයි විදෙස් මාධ්‍ය කියා තිබේ .

එහෙත් ඔහු කක්ෂයේ පියාසර කළ වයස්ගතම පුද්ගලයා නොවේ . එම වාර්තාව 1998 දී නාසා මෙහෙයුමකට පියාසර කළ වයස අවුරුදු 77 ක් වූ ජෝන් ග්ලෙන්ට අයත් ය . ඔහු 2016 දී මිය ගියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *