free web stats

සේලෙන්ස්කි පුටින්ගෙන් කළ ඉල්ලීම

රුසියානු ජනාධිපතිවරයා යුක්‍රේන ආක්‍රමන නතරකරමින් ප්‍රකාශයට පත්කළ පැය 30ක පාස්කු සටන් විරාමය කඩකළ බව යුක්‍රේනය චෝදනා කරයි.

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සේලෙන්ස්කි ප්‍රකාශකර ඇත්තේ සටන් විරාමය ආරම්භයේ සිට රුසියානු හමුදාව එය 3,000 වාරයකට අසන්න ප්‍රමාණයක් කඩකර ඇතිබවයි.

කෙසේවෙතත් රුසියාව චෝදනා කරන්නේ සටන් විරාම කාලය අතරතුර යුක්‍රේනය විසින් එල්ලකළ ඩ්‍රෝන් සහ ෂෙල්වෙඩි සියගනනක් මැඩපැවැත්විමට කටයුතු කලබවයි.

මෙ අතර යුක්‍රේන ජනාධිපතිවරයා රුසියාවට යෝජනාකර ඇත්තේ අවම වශයෙන් දින 30ක කාලයක් හෝ සටන් විරාමයක් ප්‍රකාශයට පත්කළයුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *