free web stats

ලන්ඩන් නුවර පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලයට ප්‍රහාරයක්

එංගලන්තයේ ලන්ඩන් නුවර පිහිටි පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලයට ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පාකිස්තාන ට්‍රිබියුන් පුවත් සේවය වාර්තා කළා.

මහකොමසාරිස් ගොඩනැඟිල්ලෙන් පිටත පසුගියදා ඉන්දීය ජාතිකයන් විශාල පිරිසක් විරෝධතාවක නිරත වීමෙන් පසු එම ප්‍රහාරය සිදුවී ඇතැයි ද ට්‍රිබියුන් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

එම ගොඩනැඟිල්ලට ගල්මුල්වලින් පහරදී කවුළුවල වීදුරු කඩා බිඳ දමා ඇතැයි ද, එහි සමරු ඵලකයට හානි සිදු කර ඇතැයි ද ට්‍රිබියුන් පුවත් සේවය සඳහන් කළා.

මේ ප්‍රහාරයෙන් පසු මහකොමසාරිස් කාර්යාලය අවට ආරක්ෂාව තර කිරීමට ලන්ඩන් පොලිසිය පියවර ගෙන ඇති බවත්, ඊට සම්බන්ධ බවට සැකපිට දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ. ප්‍රහාරය පිළිබඳ ලන්ඩන් පොලිසිය මඟින් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *