free web stats

ආධුනික බොක්සිං ශූරතා නිශ්ශංකට සහ චතුරිට

ශ්‍රී ලංකා බොක්සිං ආයතනය විසින් මෙහෙයවනු ලැබූ ආධුනික බොක්සිං තරගාවලියේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකා සම්මාන දිනා ගැනීමට යුද හමුදා බොක්සිං සමාජයේ නිශ්ශංක හේරත් සහ මහනුවර හේමමාලි බාලිකාවේ චතුරි සිරිවර්ධන සමත් ව්ය.

කොළඹ රාජකීය විදුහලේ රෝයල් මාස් බොක්සිං වළල්ලේ පැවති මෙවර තරගාවලියේදී නිශ්ශංක හේරත් කිලෝග්‍රෑම් 48 බර පන්තියේ රන් පදක්කම දිනාගත් අතර, චතුරි සිරිවර්ධන කිලෝග්‍රෑම් 50 බර පන්තියේ රන් පදක්කමට හිමිකම් ලැබීය.

පිරිමි තරග අංශයට බර පන්ති 13ක් සහ කාන්තා තරග අංශයට බර පන්ති 8ක් ඇතුළත් වූ මෙවර තරගාවලියේදී නිශ්ශංක හේරත් (කි.ග්‍රෑ. 48), ඩී.එම්.එම්. බණ්ඩාර (කි.ග්‍රෑ. 51), එන්.කේ.පී.ජේ. සිල්වා (කි.ග්‍රෑ. 54), කේ.ජී.එස්.කේ. හේෂාන් (කි.ග්‍රෑ. 57), එම්.ඒ.ඩී.පී. හෙට්ටිආරච්චි (කි.ග්‍රෑ. 60), ජී.ජී.ආර්.ඩී.ඩී. සිරිසේන (කි.ග්‍රෑ 63.5), ඒ.ඒ.ඩී.ඩී. අධිකාරි (කි.ග්‍රෑ. 67), ආර්.කේ.එස්.එන්. ලක්මාල් (කි.ග්‍රෑ. 71), ජී.පී.ඩී. සඳරුවන් (කි.ග්‍රෑ. 75), අයි.බී. චන්ද්‍රපාල (කි.ග්‍රෑ. 80), කේ.එම්.ආර්.සී.එල්. විජේකෝන් (කි.ග්‍රෑ. 86), ඩබ්.ඒ.සී. නික්ෂාන් (කි.ග්‍රෑ. 92) සහ ඩී.එස්.එල්. සෙනෙවිරත්න (කි.ග්‍රෑ. 92ට වැඩි) පිරිමි තරග අංශයේ රන් පදක්කම් දිනා ගත්හ.

කාන්තා තරග අංශයේ රන් පදක්කම් දිනා ගැනීමට පාරමි එදිරිසිංහ (කි.ග්‍රෑ. 48), චතුරි සිරිවර්ධන (කි.ග්‍රෑ. 50), එම්. බාලක්ෂිකා (කි.ග්‍රෑ. 52), යූ. කීර්තනා (කි.ග්‍රෑ.57), කේ.පී.ඩී.එල්. පෙරේරා (කි.ග්‍රෑ. 63), පී.එල්.ඩී.එන්. සෙව්වන්දි (කි.ග්‍රෑ. 66), එන්.එම්.එච්.එන්. නායකරත්න (කි.ග්‍රෑ. 70), ආර්.ඒ.වයි. පූර්නිමා (කි.ග්‍රෑ. 81) සමත් වූහ.

මෙවර තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ ශ්‍රී ලංකා යුද හමුදා බොක්සිං කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් ජනක පල්ලේකුඹුර මහතාගේ ප්‍රදානත්වයෙන් ත්‍යාග ප්‍රධානෝත්සවය පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *