ජනපති අනුරගෙන් රනිල්ට අභියෝගයක්
අල්ලස් කොමිසමට පැමිණීමේ දිනය වෙනස් කර ගැනීමට අවශ්‍ය බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යැවූ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් දැනගැනීම සම්බන්ධයෙන් ඇතිව තිබෙන කතා බහ පිළිබද
සිරස රූපවාහිනී නාලිකාවේ පැවැති “සටන” වැඩසටහන තුළ දී මාධ්‍යවේදීන් ජනාධිපතිවරයාගෙන් විමසා සිටියා.
ඊට පිළිතුරු ලබා දෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ තමන් එය දුටුවේ ප්‍රවෘත්ති හරහා බවයි.
එසේම රටේ ජනාධිපතිවරයා ලෙස තමන් එය දැනගත යුතු බව ද ඔහු සඳහන් කළා.
ඊට අමතරව තමා එය දැනගැනීම අපරාධයක් නම්, නීති විශාරදයෙක් වන රනිල් වික්‍රමසිංහ මහතාට නඩුවක් ගොනු කිරීමේ හැකියාවක් ද පවතින බව ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියා.