free web stats

දකුණු අප්‍රිකාව පරදා ශ්‍රී ලංකා කාන්තා පිලට ජය

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වසර 11කට පසුව මෙරටදී දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමට එරෙහිව එක් දින ක්‍රිකට් තරගයක් ජය ගත්තා.

ඒ,තුන්කොන් කාන්තා එක් දින ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගය කඩුලු 5කින් ජය ගනිමිනි.

ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ සත්කාරක ශ්‍රී ලංකාව අතර මෙම කාන්තා එක් දින ක්‍රිකට් තරගාවලිය පැවැත්ව්ය.

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගය පැවැත්වුණේ, කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී.

තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායක චමරි අතපත්තු තීරණ කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.

දකුණු අප්‍රිකා මුල් පෙළ කඩුලු 2 ලකුණු 27කදී බිඳ වැටුණි.

ලාරා ගුඩෝල් ලකුණු 46කි.

ඇනරි ඩර්කසන් නොදැවී ලකුණු 61ක් රැස් කරගෙන සිටියා.

මල්කි මදාරා ලකුණු 50ට කඩුලු 4ක් බිඳ හෙළනු ලැබුවා.

අද එක් දින ජාත්‍යන්තර වරම් දිනූ දෙව්මි විහංගා ලකුණු 41ට කඩුලු 3ක් දවා ගත්තා.

දකුණු අප්‍රිකා ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 235කි.

හසිනි පෙරේරා සහ නායක චමරි අතපත්තු ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම ආරම්භ කළා.

පළමු කඩුල්ල ලකුණු 9කදී බිඳ වැටීමෙන් අනතුරුව හසිනි පෙරේරා සහ විශ්මි ගුණරත්න ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගුවේ දෙවැනි කඩුල්ලට ලකුණු 69ක සබඳතාවක් එක් කරමින්.

හසිනි පෙරේරා ලකුණු 42ක් ලබා ගත්තා.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ හර්ෂිතා සමරවික්‍රම ලකුණු 77කි.ඇයගේ ඉනිමට 4 පහර 8ක් ඇතුළත් වේ.

කවිෂා දිල්හාරි ලකුණු 61ක් රැස් කළ අතර, 4 පහර 6කින් සහ 6 පහරකින් ඇගේ ඉනිම වර්ණවත් විය.

පන්දුවාර 46යි පන්දු 3කදී කඩුලු 5ක් දැවී ශ්‍රී ලංකාව තරගය ජය ගත්තා.

2014 වසරේදී කොළඹ එස්.එස්.සී පිටියේ පැවැති තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා කන්ඩායම හමුවේ මෙරටදී දකුණු අප්‍රිකාව පරාජය වූ පළමු අවස්ථාව මෙයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *