free web stats

ජනපති අනුර වියට්නාමයට

වියට්නාමයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (04) අලුයම වියට්නාමයේ නොයි බායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

ජනාධිපතිවරයා අද දින සිට එළැඹෙන 06 වැනි දින දක්වා වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත වෙනු ඇත.

ඒ වියට්නාම ජනාධිපති ලුඕං කුඕංගේ ආරාධනයක් අනුවයි.

නොයි බායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ශ්‍රි ලංකා ජනාධිපතිවරයා සහ දූත පිරිස වියට්නාම විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නූයෙන් මන් කුඕං, ජනවාර්ගික හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නොං ති හා, ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති ට්‍රින් ති ටම් සහ වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ඇතුළු පිරිසක් විසින් පිළිගනු ලැබුවා.

වියට්නාම මාධ්‍ය වාර්තා කර ඇත්තේ 1970 වසරේ දී ආරම්භ වූ වියට්නාම – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අනුව 2009 වසරෙන් පසුව වසර 16කට පසු ශ්‍රී ලංකා නායකයෙකු වියට්නාමයට සංචාරය කරනු ලබන පළමු අවස්ථාව මෙය බවයි.

එමෙන්ම ජනාධිපතිවරයා 2024 සැප්තැම්බර් මාසයේ බලයට පත්වීමෙන් අනතුරු අග්නිදිග ආසියාවේ සිදු කරන පළමු සංචාරයද මෙය වන බව එම මාධ්‍ය වාර්තාවල සඳහන්ව තිබේ.

වියට්නාම තානාපතිනිය එරට මාධ්‍ය වෙත පවසා ඇත්තේ මෙරට ජනාධිපතිවරයාගේ මෙම සංචාරය වඩාත් ත්‍රීව්‍ර හා පුළුල් ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ නව අදියරක ආරම්භය සනිටුහන් කරනු ඇති බවත් එය දෙරටටම ප්‍රතිලාභ ගෙන දෙන මෙන්ම කලාපයේ සහ ලෝකයේ සාමය, සහයෝගීතාවය, සංවර්ධන සහ සමෘද්ධිය සඳහා දායක වන බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *