free web stats

චීව­ර­ධා­රි­යකු කුපිත වී ආයු­ධ­ය­කින් ඇන නටපු නාඩගම

දැර­ණි­ය­ගල, උඩ­මා­ලි­බොඩ ඡන්ද මධ්‍ය­ස්ථා­න­යක් අස­ලදී පුද්ග­ල­යන් තිදෙ­න­කුට ආයු­ධ­ය­කින් ඇන තුවාල කළැයි දැර­ණි­ය­ගල පොලී­සිය අත්ඩං­ගු­වට ගත් එම ප්‍රදේ­ශ­යේම ආර­ණ්‍යය සේනා­ස­න­යක චීව­ර­ධා­රි­යකු රුපි­යල් ලක්ෂ­යක ශරීර ඇප­යක් මත මුදා හැරී­මට අවි­ස්සා­වේල්ල මහේ­ස්ත්‍රාත් ජනක ප්‍ර‍සන්න අම­ර­සූ­රිය මහතා ඊයේ (07) නියෝග කළා.

පළාත් පාලන මැති­ව­ර­ණය පැවති පෙරේදා (06) උඩ­මා­ලි­බොඩ ඡන්ද මධ්‍ය­ස්ථා­නය අසල දී මෙම සැක­කාර චීව­ර­ධා­රියා දැර­ණි­ය­ගල ප්‍රාදේ­ශීය සභා­වට තරග කළ සමගි ජන බල­වේ­ගයේ අපේ­ක්ෂ­ක­යකු වන රංජිත් කුරුප්පු මහතා සහ ඔහුගේ ආධා­ර­ක­රු­වන් දෙදෙ­න­කුට තියුණු ආයු­ධ­ය­කින් ඇන තුවාල කර ඇතැයි දැර­ණි­ය­ගල පොලී­සිය අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නා.

මේ වන විට තුවා­ල­ක­රු­වන් දැර­ණි­ය­ගල රෝහලේ ප්‍ර‍තිකාර ලබ­මින් සිටින බවද පොලී­සිය අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කළා.

මැති­ව­ර­ණය සම්බ­න්ධ­යෙන් ඇතිවූ කතා­බ­හක් දුර­දි­ග­ගොස් මෙම සිද්ධිය සිදුව ඇතැයි ද පොලී­සිය අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නා.

ඉදි­රි­පත් වූ කරුණු සැල­කි­ල්ලට ගත් අධි­ක­ර­ණය සැක­ක­රුට ඇප නියම කර­මින් සිද්ධි­යට අදාළ නඩුව ලබන 22 වැනිදා යළි කැඳ­වී­මට නියෝග කළා.

දැර­ණි­ය­ගල පොලිස් ස්ථානා­ධි­පති මංජුල ජය­ව­ර්ධන මහ­තාගේ උප­දෙස් පරිදි පරී­ක්ෂණ පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *