මාලිමාව කොළඹ නගර සභාවේ බලය පිහිටුවනවා
කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමේ අයිතිය තිබෙන්නේ ජාතික ජනබල වේගයට බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (08) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා මේ බව සඳහන් කළා.
තනි පක්ෂයක් විදියට වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ඇත්තේ සිය පක්ෂය බවත් එම නිසා බලය පිහිටුවීමට කටයුතු කරන බවත් ඔහු පැවසූවා.
කොළඹ මහ නගර සභාවට සමගි ජන බලවේගයේ නගරාධිපති ධුර අපේක්ෂකයාගේ කොට්ඨාසය පවා පරාජය වී ඇති බව ඒ මහතා කියාසිටියා.
“සජිත් ප්‍රේමදාස මහතා පළාත් පාලන ආයතන 14ක් දිනලා කියනවානේ. ඒ 14න් එකක් හරි තිබෙනවා ද තනිව බලය පිහිටවන්න පුළුවන්. සජබෙට තනිවම නැහැ.
අගලවත්ත ප්‍රාදේශීය සභාවේ 20න් 06ක් දිනලා අපිට වඩා ඡන්ද 250ක් අරගෙන දිනුවයි කියනවා. අන්න ඒ වගේ තමයි 14 ම. 266ක් ආණ්ඩුවට දීලා තිබෙනවා” යැයි ද ඒ මහතා පැවසීය.