free web stats

ඉන්දු- ශ්‍රී ලංකා කාන්තා අවසන් සටන නොමිලේ නැරඹීමට අවස්ථාව

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වෙන සර්වෝ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ මේ මස 11 වැනි ඉරිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ ඉන්දීය කණ්ඩායම් අතර අවසන් මහ තරගය නොමිලේ නැරඹීමට ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව සලසාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබෙනවා.

පෙ.ව. 10.00 ට ආරම්භ වන දෙරට අතර අවසන් මහ තරගය නැරඹීමට කැමැති ක්‍රීඩා ලෝලීන්ට පෙ.ව. 9.00 සිට ඇතුල්වීමට අවස්ථාව ලැබේ.

අප්‍රේල් මස 27 වැනිදා ආරම්භ වුණු මෙම තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග සියල්ලද නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *