free web stats

දිවුරුම් දුන් දකුණු කොරියානු නව ජනාධිපති

දකුණු කොරියානු ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ලී ජේ-මියුන්ග් ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.

සෝල්හි ජාතික සභාවේ පැවති සිය පදවි ප්‍රාප්ති උත්සවයේදී ඔහු මෙලෙස දිවුරුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දකුණු කොරියාවේ පැවති ජනාධිපතිවරණයෙන් විපක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ලී ජේ මියුන්ග් මෙලෙස ජයග්‍රහණය වාර්තා කළා.

ඒ ආන්දෝලනාත්මක දකුණු කොරියානු ජනාධිපතිවරයාව දෝෂාභියෝගයකින් බලයෙන් පහකිරීමෙන් පසුව පැවති ජනාධිපතිවරණයෙන් අනතුරුවයි.

ප්‍රකාශිත ඡන්දවලින් සියයට 49.31ක වැඩි ප්‍රතිශතයක් දිනාගැනීමට ලී ජේ-මියුන්ග් සමත්ව්ය.

ලී ජේ-මියුන්ග් ගේ ප්‍රතිවාදීන් ලෙස ජනාධිපතිවරණයට පාලක කොන්සර්වේටිව් පීපල් පවර් පක්ෂයේ කිම් මූන්-සූ සහ තවත් අපේක්ෂකයින් තිදෙනෙකු තරග කරනු ලැබුවා.

ප්‍රතිවාදී කිම් මූන් සූ ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශතය සියයට 41.30කි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *