ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන ප්රදානෝත්සවය අද
හොඳම තීරක-හොඳම විනිසුරු-ක්‍රීඩාවට කළ සේවය වෙනුවෙන් ගෞරව සම්මාන 6ක්
වනිඳු සම්මාන 4කට නිර්දේශ වෙද්දී චමරිගේ නම සම්මාන 6කටම
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් සංවිධාන කරන හෝම් ලෑන්ඩ් සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන ප්රදානෝත්සවයේදී වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයාට හා දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මාන ඇතුළත් ගෞරව සම්මාන 46ක් පිරිනැමීමට කටයුතු යොදා තිබෙනවා.
කොළඹ සිනමන් ලයිෆ් හෝටල් පරිශ්‍රයේදී අද පස්වරුවේ පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන ප්රදානෝත්සවයේදී ගෙවීගිය වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දක්ෂතා වෙනුවෙන් සම්මාන 18ක් හා දේශීය ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතා වෙනුවෙන් සම්මාන 20ක් ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හිමිවන අතර, වසරේ හොඳම තරග තීරක, හොඳම විනිසුරු හා ක්‍රිකට් ක්‍රීඩාවට කරන ලද ගෞරවනීය සේවය වෙනුවෙන් ජීවිතයට එක්වරක් පිරිනැමෙන ගෞරව සම්මාන 6ක් පිරිනැමීමට ද කටයුතු යොදා ඇත.
වනිඳු හසරංග හොඳම එක්දින පන්දු යවන්නා, හොඳම එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයා, හොඳම විස්සයි20 පන්දු යවන්නා හා හොඳම විස්සයි20 තුන් ඉරියව් ක්‍රීඩකයා යන සම්මාන 4ටම නිර්දේශ වී ඇති අතර, ක්‍රීඩිකාවන්ට පිරිනැමෙන සම්මාන හයටම චමරි අතපත්තුගේ නම නිර්දේශ වී තිබීම කැපී පෙනේ.
ධනංජය ද සිල්වා හොඳම ටෙස්ට් පිතිකරු හා හොඳම ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයා යන සම්මාන දෙකට නිර්දේශ වී ඇති අතර, පැතුම් නිශ්ශංක හොඳම එක්දින පිතිකරු හා හොඳම විස්සයි20 පිතිකරු යන සම්මාන දෙකටත්, මහීෂ් තීක්ෂණ හොඳම එක්දින පන්දු යවන්නා හා හොඳම විස්සයි20 පන්දු යවන්නා සම්මානවලට නිර්දේශ වී සිටී. ටෙස්ට් තරග බිමෙන් සමුගැනීමේ සූදානමින් සිටින ඇන්ජලෝ මැතිව්ස් හොඳම විස්සයි20 පිතිකරු හා හොඳම විස්සයි20 තුන් ඉරියව් ක්‍රීඩකයා සම්මානයට නිර්දේශව සිටී.
පසුගිය වසරේ දේශීය ක්‍රිකට් පිටියේ දී මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ සිදුකරන ලද කැපකිරීම් සහ වෙහෙස මහන්සිය වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගෞරව සම්මානයට පාත්‍ර කිරීම මේ ක්‍රිකට් සම්මාන ප්‍රදානෝත්සවයේ අරමුණවී තිබේ.