free web stats

පොලීසියේ ලොකු පුටු මාරුවක්

රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීම් හා පත්කිරීම් සම්බන්ධව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ජාතික පොලිස් කොමිසම් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන් රාජ්‍ය නිවේදිත නිලධාරීන් වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් සහ පත්කිරීම් සිදුකර ඇත.

ඒ අනුව අල්ලස් කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මොහාන් ලාල් සිරිවර්ධන මහතා පත්කර තිබේ.

ඔහු කලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලෙස ද කටයුතු කර ඇත.

මේ අතර, ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන් පොලිස් ස්ථානාධිපතිවරුන් ස්ථාන මාරු කිරීම් හා පත්කිරීම් වහාම ක්‍රියාත්මක වන පරිදි සිදුකර ඇත.

ඒ අනුව,
1) ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ.ඩී.ඩී.සී ජයකොඩි – බලංගොඩ පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා බදුල්ල කොට්ඨාසය වෙත.

2) ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්.ඩී.කේ.සී නවරත්න – කොළඹ මධ්‍යම කොට්ඨාසයේ සිට බලංගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ලෙස රාජකාරි ඉටුකිරීම සඳහා

3) ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.පී.සී.යූ.රාජපක්ෂ – මානව සම්පත් කළමණාකරන කොට්ඨාසයේ සිට උඩවලව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා.

4) ප්‍රධාන පොලිස් පරීක්ෂක බී.පී.එල් ප්‍රනාන්දු – ගම්පොල මූලස්ථාන පොලිස් පරික්ෂක තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා මඩකලපුව කොට්ඨාසය වෙත

5) ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එම්.ඩී.එන්.ඩී කාන්ගර – ඩෙල්ෆ් පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට ගම්පොල මූලස්ථාන පොලිස් පරික්ෂක ලෙස

6) ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඩබ්.සී.එන් අබේනාරායන – අංකුඹුර පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට ඩෙල්ෆ් පොලිස් ස්ථානාධිපති ලෙස

7) ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.එස්.කේ.රත්නායක – මාතලේ කොට්ඨාසයේ සිට අංකුඹුර පොලිස් ස්ථානාධිපති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා

8) ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.ජී.එස් විජේසිංහ – නවකුරුදුවත්ත පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා ගම්පහ කොට්ඨාසය වෙත

09 පොලිස් පරීක්ෂක එම්.එච්.එන් තාරක – බෙම්මුල්ල පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට පූවරසන්කුලම් පොලිස් ස්ථානාධිපති ලෙස රාජකාරි ඉටු කිරීම සඳහා

10 | පොලිස් පරීක්ෂක එස්.එම්.එන්.එන් සිරිපති – මීගමුව කොට්ඨාසයේ සිට බෙම්මුල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *