free web stats

භාණ්ඩ නෞකා­වක් පැසි­ෆික් සයු­රේදී ගිනි­බත් වෙයි

විද්‍යුත් මෝටර් රථ 800ක් ඇතු­ළුව මෝටර් රථ 3000ක් පටවා ගත් භාණ්ඩ නෞකා­වක් පැසි­ෆික් සාග­රයේ අමෙ­රි­කාවේ ඇලස්කා ප්‍රාන්ත මුහුදු සීමා­වේදී ගිනි­බත් වී ඇතැයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත් සේවය වාර්තා කරනවා.

22 දෙන­කු­ගෙන් සම­න්විත කාර්ය මණ්ඩ­ල­යක් සමඟ චීනයේ සිට මෙක්සි­කෝව බලා යාත්‍රා කර­මින් තිබූ ‘මෝනිං මිඩාස්’ නමැති එම භාණ්ඩ නෞකාවේ ගින්න හට­ගැ­නී­මත් සමඟ එහි කාර්ය මණ්ඩ­ලය අවට යාත්‍රා කර­මින් තිබූ නෞකා­ව­ලින් ආධාර ඉල්ලා සිටි­යද, මෝටර් රථ­වල ලිති­යම් බැටරි හේතු­වෙන් ගින්න වේග­යෙන් පැතිරී යෑමෙන් පසු නෞකාව අත­හැර ජීවි­තා­ර­ක්ෂක බෝට්ටු මඟින් ඉවත්ව ගොස් ඇතැයි ද වාර්තා වේ.

ඇල­ස්කාවේ වෙර­ළා­ර­ක්ෂක බළ­කාය ප්‍රකාශ කර ඇත්තේ භාණ්ඩ නෞකාව ගිනි ගැනීම නිරී­ක්ෂ­ණය වුවත්, එහි ලිති­යම් අඩංගු බැටරි පිපි­රී­මට ලක්වීමේ අව­දා­නම මත ගින්න මැඬ පැවැ­ත්වී­මට අවශ්‍ය ක්‍රියා­මාර්ග නොගත් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *