සිසුවියන් සමඟ එකම බත් පත බෙදා ගෙන කෑ සිසුවා කළ කැත වැඩේ
16 හැවිරිදි රූමත් පාසල් සිසුවියන් සිව් දෙනෙකුගේ මුහුණු ඒ අයි තාක්ෂණය ඔස්සේ නිරුවත් ඡායාරූපවලට බද්ධ කර වට්ඇප් සමූහයන්වලට සංසරණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර පාසල් සිසුන් දෙදෙනෙකු හොරණ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 13 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කළා.
මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කර ඇත්තේ පැමිණිලිකාර පාර්ශ්වය අධ්‍යාපනය ලබන පාසලේ ඉගෙනුම ලබන සිසුවෙක් සහ හොරණ ප්‍රදේශයේ වෙනත් පාසලක සිසුවෙකි.
එම සිසුන් දෙදෙනා බන්ධනාගාරයෙන් පාලනය වන ළමා රැඳවුම් මධ්‍යස්ථානයකට යොමු කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළා.
හොරණ ප්‍රසිද්ධ පාසලක සිසුවියක් සමඟ ඇයගේ මවුපියන් දෙදෙනා මොරගහහේන පොලීසිය වෙත පැමිණ එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න මහතා හමුවී තම දියණියගේ මුහුණේ ඡායාරූපය යොදා යම් තාක්ෂණයක් ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූප වට්ස්ඇප් සමූහයක සංසරණය වන බවත් ඒ හේතුවෙන් තම දියණිය දැඩි මානසික පීඩනයකට ලක්ව ඇති බවත් ඇය අමතර පන්ති යාමටද මැළිකමක් දක්වන බව පවසමින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස පැමිණිල්ලක් කළ බව පොලීසිය පවසයි.
එකී පැමිණිල්ල සටහන් කර දිනක් ගතවීමට මත්තෙන් එයාකාරයෙන් එම පාසලේම සිසුවියන් තිදෙනෙකුගෙන් තවත් පැමිණිලි තුනක් පොලීසිය වෙත වාර්තා වීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ ස්ථානාධිපතිවරයා කඩිනම් විමර්ශනයක් පැවැත් විය.
ඒ අනුව පැමිණිලිකාර සිසුවියන් අධ්‍යාපනය ලබන පාසලේ සිසුන් සිවු දෙනෙකු, කොළඹ ප්‍රසිද්ධ පාසලක සිසුවෙකු හා හොරණ ප්‍රදේශයේම පාසල් දෙකක සිසුන් දෙදෙනෙකු ඇතුළු හත් දෙනකු පොලීසිය වෙත කැඳවා ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු කෙරිණි.
අනතුරුව සිසුවියන්ගේ මුහුණු ඡායාරූපවලට ඒ අයි තාක්ෂණය යොදාගෙන නිරුවත් ඡායාරූප බද්ධ කර නිර්මාණය කළ සැකකාර සිසුවා හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමටත් එම ඡායාරූප සැපයූ සහ නිර්මාණය කිරීමෙන් අනතුරුව ඒවා වට්ඇප් සමූහයන්වලට සංසරණය කළ සැකකාර සිසුවා හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමටත් හැකිවූ බව පොලීසිය පවසයි.
ඡායාරූප සපයා නිර්මාණය කිරීමෙන් අනතුරුව සංසරණය කර ඇත්තේ එම සිසුවියන් සමඟ එකම බත් පත බෙදා හදාගෙන කන සිසුවා බවත්, නිර්මාණකරු වෙනත් පාසලක සිසුවෙක් බවත් පොලීසිය කියයි.
රිමාන්ඩ් භාරයට පත්කරන ලද සැකකාර සිසුන් දෙදෙනා බන්ධනාගාරයෙන් පාලනය වන ළමා රැඳවුම් මධ්‍යස්ථානයකට යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළා.
මොරගහහේන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක මල්ලිකා ආරච්චි උප පොලිස් පරීක්ෂක රංජිත් මහතා ඇතුළු කණ්ඩායමක් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.