මාව අත්අඩංගුවට ගන්න හදනවා
මාව අත්අඩංගුවට ගැනීමට සැලැස්මක් ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා.
ඒ මහතා මෙසේ සඳහන් කළේ කොළඹ දී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසූවා.
ජනාධිපතිතුමාගේ පිරිසක් වාඩිවෙලා මාව දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ ජාතිවාදය ඇවිස්සුවා යැයි කියන පදනමින් අත්අඩංගුවට ගත්තොත් මට ඇප නොදී දිගු කාලයක් අත්අඩංගුවේ තියාගන්න පුළුවන් කියලා සාකච්ඡා වෙලා තියෙනවා.
බහලුම්වල අවි ආයුධ තිබෙන්නට පුළුවන් කියන සැකය මාධ්‍ය හරහා මතු කළේ අපි නොවේ. රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති අමිල සංජීව මහතා.
ජනාධිපතිතුමා ජර්මනියේ ගියාම කොටි නායක නෙදියවන් හමුවෙනවා කිව්වාම ජාතිවාදය ඇවිස්සුවාලු. මේ අය පොට පටලවාගෙන.
මගේ ප්‍රකාශයේ මම කියන්නේ සමාජ මාධ්‍යවල යනවා ජනාධිපතිතුමා ජර්මනියේ සංචාරය කරන්නේ ඊට සමගාමීව කොටි නායක නෙදියවන් එහිදී හමුවන්නයි කියලා. මොකද, ලංකාවේ හමු වුණොත් ඒක ප්‍රශ්නයක් වෙන නිසා. අපි ගාව ස්ක්‍රීන් ෂොට් තිබෙනවා.
ජර්මනියේ ආණ්ඩුවේ ප්‍රධානියා චාන්සර්ලර්වරයා. අපේ ජනාධිපතිතුමා ඉන්දියාවේ ගියාම ජනාධිපතිතුමිය හමු වුණාට වඩා වැදගත් වුණේ අගමැති නරේන්ද්‍ර මෝදි හමුවීම. අන්න ඒ වගේ ජර්මනියේ ආණ්ඩුවේ වැදගත් පුද්ගලයා වෙන්නේ චාන්සර්ලර්වරයා. චාන්සර්ලර්වරයාගෙන් වේලාවක් ඉල්ලලා ඔහු දෙන වේලාවේ යන්නේ නැතුව ඔහු හමු නොවී කඩි මුඩියේ යනවා නම් මේ කටකතා සමාජයේ තහවුරු වෙනවා.
ඒ නිසා මෙහි ඇත්ත රටට පැහැදිලි කරන්න කියල ඉල්ලීමයි අපි කළේ.
මම නීතිඥවරයෙක්. උදය ගම්මන්පිල හිරේ දානවා, වෙඩි තියලා මරලා දානවා කියලා බය කරන්න නම් පුළුවන් වෙන්නේ නැහැ.