free web stats

මාව අත්අ­ඩං­ගු­වට ගන්න හද­නවා

මාව අත්අ­ඩං­ගු­වට ගැනී­මට සැලැ­ස්මක් ඇතැයි පිවි­තුරු හෙළ උරු­මයේ නායක උදය ගම්ම­න්පිල මහතා පව­සනවා.

ඒ මහතා මෙසේ සඳ­හන් කළේ කොළඹ දී පැවති ප්‍රවෘත්ති සාක­ච්ඡා­ව­කට එක්වෙ­මිනි.

එහිදි වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැව­සූවා.

ජනා­ධි­ප­ති­තු­මාගේ පිරි­සක් වාඩි­වෙලා මාව දේශ­පා­ලන හා සිවිල් අයි­ති­වා­සි­කම් පිළි­බඳ ජාත්‍ය­න්තර සම්මුති පනත යටතේ ජාති­වා­දය ඇවි­ස්සුවා යැයි කියන පද­න­මින් අත්අ­ඩං­ගු­වට ගත්තොත් මට ඇප නොදී දිගු කාල­යක් අත්අ­ඩං­ගුවේ තියා­ගන්න පුළු­වන් කියලා සාකච්ඡා වෙලා තියෙ­නවා.

බහ­ලු­ම්වල අවි ආයුධ තිබෙ­න්නට පුළු­වන් කියන සැකය මාධ්‍ය හරහා මතු කළේ අපි නොවේ. රේගු නිල­ධා­රීන්ගේ සංග­මයේ සභා­පති අමිල සංජීව මහතා.

ජනා­ධි­ප­ති­තුමා ජර්ම­නියේ ගියාම කොටි නායක නෙදි­ය­වන් හමු­වෙ­නවා කිව්වාම ජාති­වා­දය ඇවි­ස්සු­වාලු. මේ අය පොට පට­ල­වා­ගෙන.

මගේ ප්‍රකා­ශයේ මම කියන්නේ සමාජ මාධ්‍ය­වල යනවා ජනා­ධි­ප­ති­තුමා ජර්ම­නියේ සංචා­රය කරන්නේ ඊට සම­ගා­මීව කොටි නායක නෙදි­ය­වන් එහිදී හමු­ව­න්නයි කියලා. මොකද, ලංකාවේ හමු වුණොත් ඒක ප්‍රශ්න­යක් වෙන නිසා. අපි ගාව ස්ක්‍රීන් ෂොට් තිබෙ­නවා.

ජර්ම­නියේ ආණ්ඩුවේ ප්‍රධා­නියා චාන්ස­ර්ල­ර්ව­රයා. අපේ ජනා­ධි­ප­ති­තුමා ඉන්දි­යාවේ ගියාම ජනා­ධි­ප­ති­තු­මිය හමු වුණාට වඩා වැද­ගත් වුණේ අග­මැති නරේන්ද්‍ර මෝදි හමු­වීම. අන්න ඒ වගේ ජර්ම­නියේ ආණ්ඩුවේ වැද­ගත් පුද්ග­ලයා වෙන්නේ චාන්ස­ර්ල­ර්ව­රයා. චාන්ස­ර්ල­ර්ව­ර­යා­ගෙන් වේලා­වක් ඉල්ලලා ඔහු දෙන වේලාවේ යන්නේ නැතුව ඔහු හමු නොවී කඩි මුඩියේ යනවා නම් මේ කට­කතා සමා­ජයේ තහ­වුරු වෙනවා.

ඒ නිසා මෙහි ඇත්ත රටට පැහැ­දිලි කරන්න කියල ඉල්ලී­මයි අපි කළේ.

මම නීති­ඥ­ව­ර­යෙක්. උදය ගම්ම­න්පිල හිරේ දානවා, වෙඩි තියලා මරලා දානවා කියලා බය කරන්න නම් පුළු­වන් වෙන්නේ නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *