free web stats

හතරේ සීමාවෙන් එහා උඩ පන්දු රැකීමේ නව නීතිය මෙන්න

ලෝක ක්‍රිකට් නීති රීති සැක­සීමේ භාර­කරු වන මේරි­ල්බෝන් ක්‍රිකට් සමා­ජය (එම්සීසී) විසින් හතරේ සීමා­වට ඔබ්බෙන් ගුවනේ පාවී ලබා ගන්නා පියා­සර උඩ පන්දු සම්බන්ධ නීතිය හෙට ගාල්ලේදී ආරම්භ වන ශ්‍රී ලංකා – බංග්ලා­දේශ ටෙස්ට් තර­ග­යෙන් පසු වෙන­ස­කට භාජ­නය කිරී­මට පිය­වර ගෙන ඇත.

එනම් යම් පන්දු රකි­න්නකු හතරේ සීමා­වට උඩින් යන පන්දු­වක් උඩු ගුවනේ සිට රැක­ගෙන විසි කරන්නේ නම් උඩ පන්දුව සම්පූර්ණ කිරීමේ දෙවැනි අව­ස්ථා­වේදී අනි­වා­ර්ය­යෙන් ක්‍රීඩා පිටියේ පාද දෙකම ස්පර්ශ කර­මින් සිටිය යුතු බවට නව නීතිය සකසා ඇත. හතරේ සීමා රේඛා­වට උඩින් යන පන්දු­වක් උඩු ගුව­නේදී ස්පර්ශ කළ හැක්කේ එක් වතා­වක් පම­ණක් වන අතර, දෙවැනි අව­ස්ථා­වේදී පිටිය තුළට පන්දුව විසි­කර දෙවැනි රැක ගැනීම සම්පූර්ණ කළ යුතු වේ. කිසිදු අව­ස්ථා­වක හතරේ සීමා­වට උඩින් යන පන්දු­වක් රැක­ගෙන විසි­කොට යළි රැක ගන්නේ නම් තුන්ව­ර­කදී එය කිරීම නීත්‍ය­නු­කූල උඩ පන්දු රැකී­මක් නොවන බව නව ක්‍රිකට් නීති­වල ඇතු­ළත් වේ.

එනම් පන්දුව අල්ලා ගැනී­මට හතරේ සීමා­වෙන් පිටත සිට දෙව­තා­වක් ගුව­නට පැන අල්ලා යළි පිටි­යට විසි­කොට උඩ පන්දු­වක් බවට පත්කර ගැනීම නීති විරෝධී බව නව ක්‍රිකට් නීති­වල දැක්වේ. හතරේ සීමා රේඛාව උඩින් පැනී­මෙන් පසු, ඕනෑම පන්දු රකි­න්නකු දෙවැනි වර­ටත් පන්දුව සමඟ සම්බන්ධ වීමට නම් පිටිය තුළට පැමි­ණිය යුතු බවත්, එසේ නොමැ­ති­නම් එය හයේ පහ­රක් ලෙස සල­කනු ඇති බවත් මේරි­ල්බෝන් ක්‍රිකට් සමා­ජය (එම්සීසී) පැහැ­දිලි කර ඇත.

එම්සී­සීය එයට ‘බනී හොප්’ යන නව යෙදු­මක් ලබා දී ඇති අතර, දැන් ‘බනී හොප්’ නීති විරෝධී උඩ පන්දු රැක ගැනී­මක් ලෙස සල­කනු ලැබේ. යම් හෙය­කින් හතරේ සීමා­වට උඩින් යන පන්දු­වක් රැක­ගෙන පන්දු රකින්නා පිටිය තුළට විසි­කර දෙවැ­නි­වර අල්ලා ගැනී­මට සමත් වන්නේ නම් එය වලංගු උඩ පන්දු රැකී­මක් සේ ලෙස සල­කනු ලැබේ.

ඔස්ට්‍රේ­ලි­යාවේ බිග්බෑෂ් ක්‍රිකට් ලීග­යේදී 2023 වසරේ මයි­කල් නෙසර් විසින් ලබා­ගත් මත­භේ­දා­ත්මක උඩ­ප­න්දුව සහ 2020දී ටොම් බැන්ටන්, මැට්‍රෙ­න්ෂෝගේ සහා­යෙන් ලබා­ගත් උඩ­ප­න්දුව හේතු­වෙන් මේ නව රෙගු­ලාසි ගෙන ඒමට සිදුව තිබේ.

නෙසර් හතරේ සීමා­වට උඩින් යන පන්දුව අත් දෙකෙන්ම අල්ලා ගත් නමුත් ඔහුගේ සම­බ­ර­තාව ගිලිහී යෑමේදී ඉහ­ළට විසි­කළ අතර, එය හතරේ සීමා­වට පිටින් ඉහළ ගිය­විට යළි බිමට පාද ස්පර්ශ නොවන සේ උඩ පැන පන්දුව පිටිය දෙසට උඩින් දමා, පිටිය තුළට පැමිණ උඩ පන්දුව සම්පූර්ණ කළේය. එම රැක ගැනීම පැරණි හතරේ සීමා නීති­යට අනු­ගත වුවද කෙත­රම් සදා­චා­රා­ත්මක දැයි ක්‍රිකට් විචා­ර­කයෝ දිගින් දිග­ටම ප්‍රශ්න මතු කර­න්නට වූහ.

ලෝක ටෙස්ට් ශූර­තා­ව­ලියේ නව චක්‍රය ආරම්භ වන හෙට සිට නව නීති ක්‍රියා­ත්මක වන අතර, එය 2026 ඔක්තෝ­බර් මාසයේ සිට එම්සීසී නීති­රී­ති­ව­ලට නිල වශ­යෙන් ඇතු­ළත් කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *