free web stats

ඊශ්‍රා­ය­ල­යට හයි­ප­ර්සො­නික් මිස­යිල ප්‍රහා­ර­යක්

අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අය­තුල්ලා අලි කමේ­නිට අන­තුරු ඇඟ­වී­මෙන් පැය කිහි­ප­ය­කට පසු ඉරාන හමු­දාව පළ­මු­ව­රට ඊශ්‍රා­ය­ල­යට අධි­බ­ලැති හයි­ප­ර්සො­නික් මිස­යිල ප්‍රහා­ර­යක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පැයට කිලෝ­මි­ටර් 3,800ක වේග­යෙන් ගමන් කරන බව කියන හයි­ප­ර්සො­නික් මිස­යි­ල­යට ඉරා­නයේ සිට කිලෝ­මි­ටර් 1,300ක් පමණ දුරින් පිහිටි ඊශ්‍රා­ය­ල­යට ළඟා­වී­මට ගත­වන්නේ මිනිත්තු 20කට අඩු කාල­යක් වන අතර, ඊයේ උදෑ­සන එල්ල කළ මිස­යිල ප්‍රහා­රය දෙපා­ර්ශ්වය අතර යුද­ගැ­ටුම් ආරම්භ වීමෙන් පසු ඉරා­න­යෙන් එල්ල වූ 11 වැනි ප්‍රහා­රය බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

ඊශ්‍රා­ය­ල­යට කිසිදු ආකා­ර­ය­කින් කරු­ණා­වක් නොද­ක්වන බව ඉරාන නාය­කයා තර­යේම ප්‍රකාශ කර ඇති අතර, අමෙ­රි­කාව යුද්ධ­යට එක්වන්නේ නම් ප්‍රහාර වඩාත් දරුණු වනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ ඉරාන නිත්‍ය නියෝ­ජිත අලි බහ­රේනි ජීනිවා නුව­රදී ප්‍රකාශ කළ බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *