free web stats

නිල­ධා­රීන්ට ප්‍රශ්න­යක් වූ මහ­නු­වර වීදි දරු­වන්

මහ­නු­වර නග­රය කේන්ද්‍ර කර ගනි­මින් වීදි දරු­වන් 26 දෙනෙකු හඳු­නා­ගෙන තිබෙන බවත් ඔවුන් පාස­ල්ගත කිරීම බර­ප­තළ ගැට­ලු­වක් වී තිබෙන බවත් ගඟ­වට කෝර­ළය ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ලයේ ළමා හිමි­කම් ප්‍රව­ර්ධන නිල­ධාරී ඒ.එම්.එස්.බී. අබේ­සිංහ මහතා පව­සයි.

වීදී දරු­වන් 4000 – 10000ත් අතර සංඛ්‍යා­වක් මෙරට සිටින බවට ඇස්ත­මේන්තු කර ඇති බවද මෙම දරු­වන් සම්බ­න්ධ­යෙන් මෙතෙක් විධි­මත් සංග­ණ­න­යක් සිදු කර නැති බවද ඒ මහතා කීය.

ජාතික සාම මණ්ඩ­ලයේ අනු­ග්‍ර­හ­යෙන් මහ­නු­වර දිස්ත්‍රික් අන්තර් ආග­මික කමි­ටුවේ මෙහෙ­ය­වී­මෙන් කටු­කැලේ ජුම්මා පල්ලියේ දී පැවැති සංහි­ඳි­යාව සහ ආන්ති­ක­ක­ර­ණය සම්බන්ධ වැඩ­ස­ට­හ­නක දී අබේ­සිංහ මහතා මේ බව අනා­ව­ර­ණය කළේය.

වීදී දරු­වන් අත­රින් බහු­ත­රය පිරිමි දරු­වන් බවත් ඔවුන් අවු­රුදු 10-16 වයසේ පසු­වන බවත් අබේ­සිංහ මහතා කීවේය.

මෙම වයසේ දරු­වෙකු අනි­වා­ර්ය­යෙන්ම අධ්‍යා­පන කට­යුතු සඳහා යොමු­කළ යුතු වුවත් වීදී දරු­වන් පාස­ල්ගත කිරීම සම්බ­න්ධ­යෙන් වග­කි­ව­යුතු අංශ­වල අව­ධා­නය යොමුව නැතැයි ද ඒ මහතා කීය.

කොළඹ, මහ­නු­වර, යාප­නය, මඩ­ක­ළ­පුව, ගාල්ල යන ප්‍රදේ­ශ­වල වීදි දරු­වන් බහු­ලව දක්නට ලැබෙන බවත් වීදී දරු­වන් අධ්‍යා­ප­නය ලබන පාසල් දෙකක් මහ­නු­වර නගර සීමාවේ තිබෙන බවත් මෙම දරු­වන් අධ්‍යා­ප­නය සඳහා වැඩි අව­ධා­න­යක් යොමු නොකි­රීම නිසා මෙම පාසල් දෙකේ බහු­ත­ර­යක් ගුරු­ව­රුන් රාජ­කාරි පැහැර හරි­මින් විවේ­ක­යෙන් කාලය ගත­කර රජයේ වැටුප් ලබා ගන්නා බවත් මෙහි දී අද­හස් දැක්වූ ලංකා ගුරු සංග­මයේ මහ­නු­වර දිස්ත්‍රික් හිටපු ලේකම් රේණුකා මලි­ය­ගොඩ මහ­ත්මිය පැව­සු­වාය.

මෙම පාස­ල්වල සේවය කරන ගුරු­ව­රි­යන් වැඩි පිරි­සක් රජයේ ඉහළ තන­තුරු දරන නිල­ධා­රීන්ගේ බිරි­න්දෑ­වරු බවද ඇය කීවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *