ඊශ්‍රායලයට හයිපර්සොනික් මිසයිල ප්‍රහාරයක්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අයතුල්ලා අලි කමේනිට අනතුරු ඇඟවීමෙන් පැය කිහිපයකට පසු ඉරාන හමුදාව පළමුවරට ඊශ්‍රායලයට අධිබලැති හයිපර්සොනික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පැයට කිලෝමිටර් 3,800ක වේගයෙන් ගමන් කරන බව කියන හයිපර්සොනික් මිසයිලයට ඉරානයේ සිට කිලෝමිටර් 1,300ක් පමණ දුරින් පිහිටි ඊශ්‍රායලයට ළඟාවීමට ගතවන්නේ මිනිත්තු 20කට අඩු කාලයක් වන අතර, ඊයේ උදෑසන එල්ල කළ මිසයිල ප්‍රහාරය දෙපාර්ශ්වය අතර යුදගැටුම් ආරම්භ වීමෙන් පසු ඉරානයෙන් එල්ල වූ 11 වැනි ප්‍රහාරය බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
ඊශ්‍රායලයට කිසිදු ආකාරයකින් කරුණාවක් නොදක්වන බව ඉරාන නායකයා තරයේම ප්‍රකාශ කර ඇති අතර, අමෙරිකාව යුද්ධයට එක්වන්නේ නම් ප්‍රහාර වඩාත් දරුණු වනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉරාන නිත්‍ය නියෝජිත අලි බහරේනි ජීනිවා නුවරදී ප්‍රකාශ කළ බව ද වාර්තා වේ.