free web stats

හම්බන්තොට තුට්ටු දෙකේ පවුල් දේශපාලනය අවසන් කල යුතුයි

හම්බ­න්තොට ජන­තාව අත්දුටු තුට්ටු දෙකේ පවුල් දේශ­පා­ල­න­යට දැන්වත් තිත තැබිය යුතුව ඇතැයි පාර්ලි­මේන්තු මන්ත්‍රී දිලිත් ජය­වීර මහතා පවසනවා.

ඒ මහතා මෙසේ පැව­සුවේ හම්බ­න්තොට පැවැති ජන­හ­මු­වක් අම­ත­මිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැව­සීය.

පළාත් පාලන ආය­ත­න­යක මන්ත්‍රී­ව­ර­යකු වෙන එක පරණ වැඩේ. අලුත් වැඩේ ප්‍රාදේ­ශීය සභාවේ සභා­පති, නගර සභාවේ සභා­පති වෙන එක. ඔබට දැනෙන විදි­යට වැඩ කරන්න පුළු­වන් වැඩ­පි­ළි­වෙ­ළක් සැක­සී­මයි අපේ වැඩේ. ඒ නිසයි මොන­ත­රම් ආරා­ධනා තිබු­ණත් පොහො­ට්ටු­වට, අලි­යට, සජ­බෙට අපි සම්බන්ධ නොවුණේ.

ඔක්කොම පළාත් පාලන ආය­තන හදලා ඉවර වුණාට පස්සේ බලන්න පුළු­වන් අපි ගත්ත ක්‍රියා­මා­ර්ගය නිසා වෙලා තියෙන දේ. මේ හම්බ­න්තොට ඔබ අත්දැ­කපු ඒ තුට්ටු දෙකේ පවුල් දේශ­පා­ල­නය සම්පූ­ර්ණ­යෙන්ම අව­සන් වෙන්න ඕනේ. අපිට අප්‍රි­යම වච­නය ඩීල්. ඩීල් දාන්න ඕනේ නම් ලොකු ඩීල් දැනුත් දාන්න පුළු­වන්. අපි යටින් ඩීල් දාලා ඔබ තව­දු­ර­ටත් මේ ඉන්න තත්ත්ව­යේම තියා­ග­න්නවා නම් ඊට වඩා පවක් මේ පින්බිමේ නැහැ. අපි බුදු වදින විශ්වාස කරන මිනිස්සු විදි­හට අපි දකි­නවා බුදුන් වදිනට පිටින් ගිහින් කට­යුතු කරපු එක්කෙනාට අත්වෙන ඉර­ණම. බඩු බෙදලා හරි යන්නේ නැහැ. නිශ්චිත වැඩ­පි­ළි­වෙ­ළක් අව­ශ්‍යයි. ඒ සඳහා බලය ඇතත් නැතත් සර්ව ජන සභා මඟින් අපි කට­යුතු කර­නවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *