හම්බන්තොට තුට්ටු දෙකේ පවුල් දේශපාලනය අවසන් කල යුතුයි
හම්බන්තොට ජනතාව අත්දුටු තුට්ටු දෙකේ පවුල් දේශපාලනයට දැන්වත් තිත තැබිය යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසනවා.
ඒ මහතා මෙසේ පැවසුවේ හම්බන්තොට පැවැති ජනහමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.
පළාත් පාලන ආයතනයක මන්ත්‍රීවරයකු වෙන එක පරණ වැඩේ. අලුත් වැඩේ ප්‍රාදේශීය සභාවේ සභාපති, නගර සභාවේ සභාපති වෙන එක. ඔබට දැනෙන විදියට වැඩ කරන්න පුළුවන් වැඩපිළිවෙළක් සැකසීමයි අපේ වැඩේ. ඒ නිසයි මොනතරම් ආරාධනා තිබුණත් පොහොට්ටුවට, අලියට, සජබෙට අපි සම්බන්ධ නොවුණේ.
ඔක්කොම පළාත් පාලන ආයතන හදලා ඉවර වුණාට පස්සේ බලන්න පුළුවන් අපි ගත්ත ක්‍රියාමාර්ගය නිසා වෙලා තියෙන දේ. මේ හම්බන්තොට ඔබ අත්දැකපු ඒ තුට්ටු දෙකේ පවුල් දේශපාලනය සම්පූර්ණයෙන්ම අවසන් වෙන්න ඕනේ. අපිට අප්‍රියම වචනය ඩීල්. ඩීල් දාන්න ඕනේ නම් ලොකු ඩීල් දැනුත් දාන්න පුළුවන්. අපි යටින් ඩීල් දාලා ඔබ තවදුරටත් මේ ඉන්න තත්ත්වයේම තියාගන්නවා නම් ඊට වඩා පවක් මේ පින්බිමේ නැහැ. අපි බුදු වදින විශ්වාස කරන මිනිස්සු විදිහට අපි දකිනවා බුදුන් වදිනට පිටින් ගිහින් කටයුතු කරපු එක්කෙනාට අත්වෙන ඉරණම. බඩු බෙදලා හරි යන්නේ නැහැ. නිශ්චිත වැඩපිළිවෙළක් අවශ්‍යයි. ඒ සඳහා බලය ඇතත් නැතත් සර්ව ජන සභා මඟින් අපි කටයුතු කරනවා.