අද නිෂ්පාදන ආර්ථිකය කඩා වැටෙමින් පවතිනවා
මැතිවරණයට පෙර නිෂ්පාදන ආර්ථිකයක් ගැන කතා කළාට, අද සිදුවෙමින් පවතින්නේ තිබෙන නිෂ්පාදන ආර්ථිකය ද කඩා බිඳ වැට්ටවීම බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.
පක්ෂ කාර්යාලයේ පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විමල් වීරවංශ මහතා මේ බව සඳහන් කළා.
දැනටමත් කර්මාන්තකරුවන්, ව්‍යාපාරිකයන් තමන්ගේ ව්‍යාපාර සුළු මුදලකට විකුණා දරු පවුල් පිටින් රට අතහැර යන තත්ත්වයකට පත්ව ඇතැයි ද ඔහුව පවසනවා.
එලෙස රට යන වේගය අඩාළ වෙලා තිබෙන්නේ ගුවන් ගමන් බලපත්‍ර දීමේ වේගය අඩු වී ඇති බැවින් බව ද ඔහු වැඩ් දුරටත් පැවසූවා.
සියයට 15කින් විදුලි බිල වැඩි වෙනවා කියන්නේ සුළුපටු දෙයක් නෙවෙයි. මේ විදුලි බිල වැඩි වෙන්නේ දුප්පත්කම සියයට 24.5කින් වැඩි වෙලා තිබෙන රටක. ඒ වගේම සියයට 51ක් වේල් දෙකක් කාලයි ජීවත් වෙන්නේ. විදුලි බිල වැඩි කළාම එය අපේ ගෙදර විදුලි බිලට විතරක් බලපාන්නේ නැහැ. විදුලි බිල ඉහළ යෑම හැමදේකටම බලපානවා. හැම නිෂ්පාදනයකටම බලපානවා. මින් දුප්පත්කම තව තවත් වැඩි වෙනවා. දවසට වේල් දෙකක් කන සියයට 51ක එක වේලක් කන තැනට පත් වෙනවා.