free web stats

ශ්‍රී ලංකාවට ඉනිමක ජයක් (Update)

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කර තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකා පිල එම තරයෙන් ඉනිමක් සහ ලකුණු 78කින් ජය ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාවට ඉනිමක ජයක් පෙනෙන මානයේ

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ පිල අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි.

ඊයේ දිනයේ තරගය අවසන් වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ පිල කඩුළු 6ක් දැවී ලකුණු 115ක් ලබා දැඩි අසීරු අඩියකට පත්ව සිටියා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 247ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 458ක් ලබා ගන්නට සමත්ව්ය. එහිදී නැවත වරක් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 158ක් වාර්තා කිරීමට සමත්වීම විශේෂත්වයකි.

ලකුණු 211ක් පිටුපසින් සිට සිය දෙවැනි ඉනිම ඇරඹූ බංග්ලාදේශ පිල, ඊයේ දින තරගය අවසන් කරන විට කඩුළු 6ක් දැවී ලකුණු 115ක් ලබා සිටි අතර ඉනිමක පරාජයකින් බේරීමට නම් තවත් ලකුණු 96ක් ඔවුන්ට ලබා ගත යුතුව ඇත. ඒ වෙනුවෙන් ඔවුන් සතුව ඉතිරිව ඇත්තේ කඩුළු 4ක් පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *