free web stats

භාතියගේ තත්ත්වය ටිකක් හොඳයි

රෝගාතුරව සිටින භාතිය හස්තියා සම්බන්ධයෙන් පශු වෛද්‍ය තරිඳු විජේකෝන් මහතා ඇතුලු කණ්ඩායම අද(08) තෙවැනි දිනටත් ප්‍රතිකාර කටයුතු ආරම්භ කර තිබෙනවා.

රුධිර සාම්පලවල වාර්තා අනුව ඇතාගේ පෝෂණ මට්ටමේ ඌනතා පැවති බව සදහන් විය.

ඒ අනුව පසුගිය දින දෙකේ මෙන්ම අදත් පෝෂණ සංඝටක ඇතුළත් ඖෂධ ලබාදීමට පියවර ගෙන ඇත.

එමෙන්ම ශරීරයේ ඇති තුවාල කිහිපයද සැලකිල්ලට ගෙන ප්‍රතිජීවක ඖෂධද අදත් ලබා දී තිබේ.

පසුගිය දින කිහිපයට සාපේක්ෂව භාතිය හස්තියා යම් ක්‍රියාකාරී මට්ටමක් පෙන්නුම් කරන බව පශු වෛද්‍ය තරිඳු විජේකෝන් මහතා කියා සිටියා.

හිස සහ පාද ද පසුගිය දිනවලට වඩා චලනය කිරීමට ඇතා උත්සාහ කරමින් සිටියි.

හස්තියා හොඬයෙන් ශරීරයට ජලයද යම් ප්‍රමාණයක් ඉසගෙන ඇති අතර එය හොද ප්‍රවනතාවක් බව පශු වෛද්‍යවරයා කියා සිටියේය.

එසේම ඇතාගේ අදත් රුධිර සාම්පලයක් ලබාගෙන සෞඛ්‍ය තත්ත්වයේ යම් වර්ධනයක් පෙන්නුම් කරනවාද යන්න නිරීක්ෂණය කරන බව පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා ප්‍රකාශ කළේය.

මහව වනජීවී කාර්යාලයේ නිලධාරීන් ඊයේ රාත්‍රී එම ස්ථානයේ රැඳී සිටිමින් ආහාර ලබා දී තිබේ. හස්තියා ඊයේ රාත්‍රී හොදින් ආහාර ලබාගෙන ඇති බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *