ඩෙල්ෆ් මුහුදේදී යාත්‍රාවක් දියේ ගිලී අතුරුදන්
යාපනය ඩෙල්ෆ් දූපත දක්වා මුහුදු මාර්ගයෙන් ගමන්ගත් සංචරක බොට්ටුවක් ඊයේ (12) පෙරළී දියේ ගිලීම හේතුවෙන් එහි ගමන්ගත් 14 දෙනෙකු නිරුපද්‍රිතව බේරාගෙන ඇතැයි ඩෙල්ෆ් පොලීසිය සඳහන් කරනවා.
යාපනය කූරිකට්ටුවාන් ජැටියේ සිට ඩෙල්ෆ් දූපත දක්වා මුහුදු මර්ගයෙන් ගමන්කොට ඇති මෙම සංචාරක බොට්ටුවේ සංචරකයින් 12 දෙනෙකු සහ කර්යමණ්ඩලයේ දෙදෙනෙකු සිට ඇති අතර අතරමගදී කාර්මික දෝෂයක් හේතුවෙන් නැවතී පසුව එය දියේ ගිලීමේ අවධානමකට ලක් ව තිබෙනවා.
අනතුරුව එහි සිටි සංචාරකයින් සුදු කොඩියක් අධාරයෙන් උදව් ඉල්ලා කෑගසා ඇති අවස්ථාවේදී ආසන්න මුහුදු මාර්ගයකින් ගමන්ගත් “සබරිෂ්” නම් දිගුදුර බොට්ටුවට අනතුරට පත් පිරිස නිරීක්ෂණය වී තිබේ.
“සබරිෂ්” බෝට්ටුවේ කාර්ය මණ්ඩලය එම අවස්ථාවේදීම පැමිණ අනතුරට පත් බෝට්ටුවේ සිටි පිරිස් බේරාගෙන ඇති අතර එම අවස්ථාවේම අනතුරට පත් බොට්ටුව දියේ ගිලී ගොස් තිබේ.
අනතුරට පත් අවස්ථාවේම “සබරිෂ්” බෝට්ටුවේ නොමැති වූවේනම් ජීවිත හානි පවා සිදුවීමට ඉඩ තිබූ බවටද සංචරකයින් සඳහන් කළා.
බේරාගත් සංචරකයින් සහ කර්යමණ්ඩලය “සබරිෂ්” දිගුදුර බෝට්ටුවේ කාර්ය මණ්ඩලය විසින් කූරිකට්ටුවාන්හි පිහිටි නාවික හමුදා නිලධාරි කාර්යාලය වෙතට භාර දී තිබේ.