free web stats

හැංගිමුත්තන් කරන දොස්තර රාජිත

හිටපු ධීවර ඇමැති රාජිත සේනා­රත්න මහතා දුර­ක­ථ­නය ද විසන්ධි කර සිය නිවස අත­හැර ගොස් ඇති බව අල්ලස් කොමි­සමේ ප්‍රකා­ශ­ක­යෙක් පවසනවා.

ඔහු අත්අ­ඩං­ගු­වට ගැනී­මට ඊයේ (13) දිනයේ කිහි­ප­ව­රක් උත්සාහ කළ බව ද ඔහු කියා සිටි­යා.

ඔහු නීති­මය ක්‍රියා පටි­පා­ටි­යට පට­හැනි ලෙස කිරින්ද ධීවර වරායේ වැලි කැණීම් ව්‍යාපෘ­ති­යක් කොරි­යානු සමා­ග­ම­කට පැව­රීම තුළින් රජ­යට රුපි­යල් ලක්ෂ 262කට අධික පාඩු­වක් කිරීමේ සිද්ධියේ සැක­ක­රු­වකු ලෙස නම්කර ඇති අතර ඒ සම්බ­න්ධ­යෙන් අල්ලස් කොමි­සම වෙත පැමිණ ප්‍රකා­ශ­යක් ලබා දෙන ලෙස දැනුම් දුන්නද එහි නොපැ­මි­ණීම හේතු­වෙන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට තීර­ණය කළ බව ද වැඩ්දුරටත් ඔහු පවසා සිටි­යා.

හිටපු අමාත්‍යා රාජිත සේනාරත්න අත්අ­ඩං­ගු­වට ගැනී­මට කණ්ඩා­යම් කිහි­ප­යක් වෙන් වෙන් වශ­යෙන් යොදවා ඇති බවත් ප්‍රකාශකයා සඳ­හන් කළා.

මෙම විම­ර්ශ­න­යට අදා­ළව ප්‍රකා­ශ­යක් ලබා දෙන ලෙස අවස්ථා කිහි­ප­ය­ක­දීම ඔහුට දැනු­ම්දීම් කර තිබු­ණත් ඔහු විවිධ අසත්‍ය කරුණු ඉදි­රි­පත් කර­මින් දිගින් දිග­ටම එම ප්‍රකාශ ලබා­දීම මඟ හරි­මින් සිටින බව ද කොමි­සම කියා සිටි­යි.

රාජිත සේනා­රත්න මහතා අස­නීප තත්ත්ව­යෙන් පෙළෙන බවට සඳ­හන් වෛද්‍ය වාර්තා­වක් නීති­ඥ­ව­ර­යකු මාර්ග­යෙන් අල්ලස් කොමි­සම වෙත ඉදි­රි­පත් කර ඇති අතර එහි කිසිදු නීති­මය පිළි­ගැ­නී­මක් දක්නට නොලැ­බෙන බවත් ඔහු කියා සිටි­යා.

රටින් බැහැ­රව සිටින බවට රාජිත සේනා­රත්න මහතා ප්‍රකාශ කර තිබෙන බවත් විවිධ අසත්‍ය කරුණු දක්ව­මින් කොමි­සම මඟ­හ­රි­මින් සිටින මෙම සැක­කරු අත්අ­ඩං­ගු­වට ගැනී­මට වරෙ­න්තු­වක් නිකුත් කරන ලෙසත් පසු­ගි­යදා අල්ලස් කොමි­සමේ නිල­ධා­රීන් අධි­ක­ර­ණ­යට කරුණු දක්ව­මින් කියා සිටි­යා.

මෙම සිද්ධි­යට සම්බන්ධ සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට අල්ලස් කොමි­ස­මට බලය තිබෙන බව මෙහි දී මහේ­ස්ත්‍රා­ත්ව­රිය පෙන්වාදී ඇති අතර කොමි­ස­මට පැවරී ඇති බල­තල උප­යෝගී කර ගනි­මින් මෙම සැක­කරු අත්අ­ඩං­ගු­වට ගෙන ඉදි­රි­පත් කරන ලෙස නියෝග කර තිබුණා.

මෙහි දී නිල නොළත් ආරංචි මාර්ග පෙන්වා දුන්නේ රාජිත සේනා­රත්න මහතා සිය නීති­ඥ­ව­රුන් මාර්ග­යෙන් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් වීමට නිය­මිත බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *