free web stats

උඩපන්දු දෙක අත්හැ­රීම අපට අවා­සි­දා­යක වුණා

ක්‍රිකට් තර­ග­ය­කදී ලබන පරා­ජය සම්බ­න්ධව කිසි‍ව­කුට ඇඟිල්ල දිගු කිරීම අසා­ධා­රණ බවත්, පරා­ජයේ වග­කීම කණ්ඩා­ය­මක් ලෙස සියලු දෙනා භාර­ගත යුතු බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් නායක චරිත් අස­ලංක පවසනවා.

බංග්ලා‍දේ­ශය ලබා දුන් උඩ­පන්දු දෙකක් අත්හැ­රීම තර­ග­යේදී ශ්‍රී ලංකා පිලට බල­වත් අවා­සි­දා­යක අවස්ථා ලෙස තමන් සල­කන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නාය­කයා සඳ­හන් කළා.

රංගිරි දඹුලු ක්‍රීඩාං­ග­ණයේ පෙ‍රේදා (13) පැවති තර­ග­යෙන් අන­තු­රුව මාධ්‍ය හමු­වේදී චරිත් අස­ලංක මේ බව සඳ­හන් කළා.

තරග තුන­කින් සම­න්විත විස්සයි20 තර­ගා­ව­ලියේ තවත් තර­ග­යක් ඉති­රිව තිබි­යදී තර­ගා­ව­ලිය 1-1ක් ලෙස සම­කර ගැනී­මට බංග්ලා­දේශ පිල සමත්වූ අතර, 2 වැනි විස්සයි20 තර­ගය ලකුණු 83කින් ජය ගැනී­මට ඔවුහු සමත් ව්ය.

කාසියේ වාසිය දිනා­ගත් නායක චරිත් අස­ලංක පළ­මුව පන්දු යැවී­මට තීර­ණය කළ හෙයින් බංග්ලා­දේ­ශය පළ­මුව පන්දු­වට පහර දී කඩුලු 7කට ලකුණු 177ක් ලබා­ගත් අතර, ශ්‍රී ලංකා ක්‍රීඩ­කයෝ සියලු දෙනා ඕවර 15.2කදී ලකුණු 94කට දැවී ගියා.

එම ලකුණු ගණන ශ්‍රී ලංකා පිල මවු­බි­මේදී ලැබූ අඩුම එක­තුව වූ අතර, මෙයට පෙර 2012 වසරේ කොළඹ ආර්. ප්‍රේම­දාස ක්‍රීඩාං­ග­ණ­යේදී බට­හිර ඉන්දීය කොදෙව් පිලට එරෙ­හිව ලකුණු 101කට දැවී ගියා.

“මට පෞද්ග­ලි­කව හිතෙ­නවා අපේ අතින් උඩ­පන්දු දෙක අත්හැ­රීම යම් බල­පෑ­මක් වුණා කියලා. ඒ වුණත් කාට­වත් දොස් නඟන්න බෑ. තර­ග­යක් පරා­ජය වුණාම අපි සියලු දෙනා එහි වග­කීම භාර ගත යුතුයි. තර­ගයේ මැද ඕව­ර­ව­ලදී බිනුර ඇවිත් කඩුලු 2ක් අරන් අපේ පැත්තට ගේම් එක ගත්තා. අ‍පේ පන්දු යැවීම හොඳයි. හොඳ තණ­ති­ල්ලක් ලැබිලා තිබුණේ” අස­ලංක පැව­සුවා.

“තර­ගය පරා­ජ­ය­වීම ඉතාම කන­ගා­ටුයි. විස්සයි20 තර­ග­යක මේ වගේ දෙයක් වෙන්න පුළු­වන්. සිදුවූ දේ අම­තක කරලා ඉක්ම­නින් යළි යථා තත්ත්ව­යට එන්නේ කොහො­මද කියලා බලන්න වෙනවා. වනිඳු හස­රංග නැති වුණාම අංක 7 පිති­ක­රු­වෙක්ගේ අව­ශ්‍ය­තාව හොඳින් පේනවා. අංක 4 හා අංක 6 ස්ථාන අපට දිගින් දිග­ටම තිබුණ ප්‍රශ්න­යක්. තවම හරිම කණ්ඩා­යම ගොඩ­න­ඟ­මින් ඉන්නේ. ලෝක කුස­ලා­න­යට යන කණ්ඩා­යම ගොඩ­නැ­ඟීම ලොකු අභි­යෝ­ග­යක්” යනුවෙන් චරිත් අස­ලංක පැව­සුවා.

“අපි දඟ පන්දු යව­න්නකු යොදවා ගැනී­මට තීර­ණය කළේ වනිඳු කරන කාර්ය වැන්ඩ­ර්සේ­ගෙන් ඉටු වෙයි කියලා. ඒ අත­ර­තුර පිති­ක­ර­ණයේ අඩු­පා­ඩුව තියෙ­නවා. ඉදිරි දින කිහි­පයේ හොඳ වික­ල්ප­යක් ගේන්න බල­නවා. තර­ගයේ හැර­වුම් ලක්ෂ්‍යය වෙන්නේ නරක විදි­හට පන්දු­වට පහ­ර­දීම. මේ වගේ තණ­ති­ල්ලක ලකුණු 180ට අඩු­වෙන් තිබ්බාම අපේ ලකුණු අතර සිටින ප්‍රබල ක්‍රීඩ­ක­යන් ජය­ග්‍ර­හ­ණය හඹා යා යුතුයි” අස­ලංක පැව­සීය.

තර­ගා­වලි ජය තීර­ණය කෙරෙන තෙවැනි හා අව­සන් විස්සයි20 තර­ගය හෙට (16) කොළඹ ආර්. ප්‍රේම­දාස ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *