කාටවත් ඕන විදිහට අපේ පක්ෂය වෙනස් කරන්න අවශ්‍ය නෑ
සමඟි ජන බලවේගයේ උප නායක ධුරයක් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට ,ලබා දීමේ කිසිදු අදහසක් පක්ෂය තුළ නොමැති බව සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසනවා.
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (20) මහනුවරදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද පැවසූවා.
“එවැනි ඉල්ලීමක් දයාසිරි මන්ත්‍රීවරයාගේ පාර්ශ්වයෙන් මෙතෙක් ඉදිරිපත්වී නෑ. මෙවැනි කරුණක් සම්බන්ධව පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය තුළ මෙතෙක් සාකච්ඡා වී නෑ. දයාසිරි ජයසේකර කියන්නේ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගය සමඟ එක්ව තරග කළ අයෙක් වුවත් ඒ මහතා මේ දක්වා අපේ පක්ෂයේ සාමාජිකත්වයවත් ගෙන නෑ. පක්ෂයේ උප නායකයෙක් වෙන්න නම් පළමුව පක්ෂයේ සාමාජිකයෙක් විය යුතුයි. එවැන්නක් සම්බන්ධව සාකච්ඡාවක්වත් සිදුවී නෑ.
පක්ෂ නායකයන් කියන අය අහුලලා ගෙනල්ලා නායකත්වයේ වාඩි කරන්න බෑ. නායකත්වයට එන්න නම් පළපුරුද්ද වගේම අත්දැකීම් බහුල වෙන්නත් ඕනෙ. පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු පිළිබඳ මේ වනවිට සාකච්ඡා වෙමින් පවතිනවා. මෙතැනදී අවශ්‍ය වෙන්නේ මුහුණු මාරු කරනවාට වඩා ප්‍රතිපත්ති මාරු කරන එකයි. ප්රතිපත්තිවල සැබෑ වෙනසක් ඇති විය යුතුයි. ඔය එක එක්කෙනා කියන විදියට පක්ෂයේ නායකත්ව වෙනසක් වෙන්නේ නෑ. අපට එහෙම අවශ්‍යතාවක් නෑ. නායකත්වය වෙනස් වෙන්න ඕනේ කියලා කෑගහන්නේ පක්ෂයේ අය නෙවෙයි. අපේ පක්ෂයේ අය නායකයා වශයෙන් සජිත් ප්‍රේමදාසව පිළිගෙන ඉන්නේ. ඒකේ කිසිම වෙනසක් නෑ. කාටවත් ඕන විදිහට අපේ පක්ෂය වෙනස් කරන්න අවශ්‍ය නෑ.”