වර්තමාන රජයේ වැඩපිළිවෙළ ආයෝජකයන් විශ්වාස කරනවා
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) 2025 වසරේදී ඩොලර් මිලියන 569ක් වටිනා ව්‍යාපෘති 57ක් අනුමත කර ඇති අතර මෙය පසුගිය වසරට සාපේක්ෂව 101%ක වර්ධනයක් බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ මහතා පවසනවා.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) මේ වසරේදී අනුමත කළ ව්‍යාපෘති 57හි වටිනාකම ඩොලර් මිලියන 569ක් වන අතර මේ වන විට ඩොලර් මිලියන 507ක් ලංකාවට පැමිණ තිබෙනවා. මෙහි දේශීය ආයෝජන ඩොලර් මිලියන 285ක් වේ.
කර්මාන්ත අමාත්‍යාංශය යටතේ දියත් කෙරෙන ආයෝජන හෝ කර්මාන්තපුරවලට අමතරව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) යටතේ අපනයන සැකසුම් කලාප 7ක් අලුතෙන් ඉදිකිරීමට නියමිතව තිබෙනවා.
දත්ත නිසි ආකාරයෙන් ජනගත නොවීම විවිධ පාර්ශ්වවලට අනවශ්‍ය ගැටලු නිර්මාණයට අවස්ථාවක් සලසා දෙන අතර ලංකාවේ ආයෝජන පිළිබඳ රජය කළ ප්‍රකාශ අවිශ්වාස කිරීමට හේතු වෙන්නෙත් මේ දත්ත සුලබ නොවීමයි. දත්ත නොමැතිව දූෂිතයන් අවභාවිත කළ ආයතන අද දත්ත සමඟ ඉදිරියට එමින් තිබේ. එම නිසා මේ ගැටලුව ඉදිරියට විසඳාගැනීමේ අවස්ථාව හිමිවෙනවා.
මීට අමතරව කර්මාන්ත අමාත්‍යාංශයේ ජාතික කර්මාන්තපුර ඇති කිරීමේ වැඩසටහන යටතේ පරන්තන්, වාලච්චේන, පුලියන්කුලම්, තිහගොඩ, ආරච්චිකට්ටුව, බිංගිරිය ඇතුළු ප්‍රදේශ ගණනාවක කර්මාන්තපුර ඇති කිරීම සඳහා ඉඩම් අක්කර 570ක් වෙන් කර තිබෙනවා.
වර්තමාන රජයේ වැඩපිළිවෙළ ආයෝජකයන් විශ්වාස කරන බව කොටස් වෙළෙඳපොළ වගේම ඍජු විදේශ ආයෝජනවලින් ද පෙන්වීම සතුටට කාරණයක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.