free web stats

රෙස්ලිං ක්‍රීඩක හල්ක් හෝගන් දිවි ගමනට සමුදෙයි

රෙස්ලිං වළල්ලේ දැවැන්තයෙක් වන අමෙරිකානු ජාතික හල්ක් හෝගන් නොහොත් ටෙරී බොලියා මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියේ, හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු මියගිය බවයි.

අමෙරිකාවේ ජෝජියාහිදී උපත ලැබූ ටෙරී බොලියා, මියයන විට 71 වන වියේ පසුවූවා.

උපතින් ටෙරී බොලියා වුවත්, රෙස්ලිං පිටියේ ජනප්‍රිය වූයේ හල්ක් හෝගන් නමින්වේ.

1980 දශකයේ වෘත්තීය රෙස්ලිං ක්‍රීඩාවට පිවිසි හල්ක්, ලොව පුරා වඩාත් ජනප්‍රියත්වයට පත් වූයේ ඔහු ලැබූ ජයග්‍රාහණ හේතුවෙනි.

ඒ හේතුවෙන් වෘත්තීය රෙස්ලිං ක්‍රීඩකයින්ට ගෞරව කිරීමක් ලෙස එක්කරන ‘WWE Hall of Fame’ නාමාවලියටද හෝගන්ගේ නාමය එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *