free web stats

ඔස්ට්‍රේලියානු කණ්ඩායමට පහසු ජයක්

ටිම් ඩේවිඩ්ගේ ප්‍රහාරත්මක ඉනිම හේතුවෙන් බ.ඉ. කොදෙව් කණ්ඩායමට එරෙහි තෙවන හා අවසන් විස්සයි20 ක්‍රිකට් තරගයෙන්ද කඩුලු 6ක පහසු ජයක් ලැබීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වූවා.

ශා. කිට්ස්හි වර්නර් පාක් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගය මේරට වේලාවෙන් අද (26) පෙරවරුවේ අවසන් විය.

මෙහිදී බ.ඉ. කොදෙව්වන්ගෙන් හිමි වූ ලකුණු 215ක ඉලක්කය කඩුලු 4ක් පමණක් දැවී තිබියදී තරගයේ 17(16.1) වන පන්දුවාරයේදී ඔස්ට්‍රේලියාව පසුකර ගියා.

ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩාකළ ටිම් ඩේවිඩ් නොදැවී ලකුණු 102ක් රැස්කිරීමට සමත් වූ අතර, පන්දු 37කින් ගොඩනැගුණු ඔහුගේ ඉනිමට හයේ පහර 11ක් හා හතරේ පහර 6ක් ඇතුළත් විය.

මෙය ඔස්ට්‍රේලියානු පිතිකරුවෙකු විස්සයි20 තරග බිමේ රැස්කළ වේගවත්ම ශතකය වේ.

එමෙන්ම ටිම් ඩේවිඩ් සිය අර්ධ ශතක සීමාවද පන්දු 16කදී පසුකර ගිය අතර, එයද ඔස්ට්‍රේලියානු පිතිකරුවෙකු වාර්තාකළ වේගවත්ම විස්සයි20 අර්ධ ශතකය විය.

මේ අතර කොදෙව් ඉනිම වෙනුවෙන්ද නායක ෂේ හෝප් පන්දු 57කට පමණක් මුහුණදෙමින් නොදැවී ලකුණු 102ක් රැස්කිරීමට සමත් විය.

ඒ අනුව ඔහු කොදෙව් ක්‍රිකට් ඉතිහාසයේ සෑම ආකෘතියකම ශතකයක් රැස්කළ දෙවන පිතිකරුවා ලෙස වාර්තා අතරට එක්විය.

කොදෙව්වන් වෙනුවෙන් පළමුවෙන්ම මෙම වාර්තාව පිහිටුවනු ලැබුවේ ක්‍රිස් ගේල්ය.

ඔස්ට්‍රේලියාව ලැබූ මෙම ජයත් සමග තරග 5කින් යුත් තරගාවලිය තරග 3-0ක් ලෙස ඔස්ට්‍රේලියාව පෙරමුණ ගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *